අවදානම් කළමනාකරණය
From Wikipedia, the free encyclopedia
අවදානම් කළමනාකරණය (ඉංග්‍රීසි: Disaster Management) යනු අවදානම හදුනාගනීම , ඇගයීම සහ ප්‍රමුඛස්ථානයේ අනුපිලිවෙල අනුව සැකසීම තුළින් අනවශ්‍ය සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාවය අවමකරගනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. මූල්‍ය වෙලදපොලේ පවතින අවිනිශ්චිතභාවය, ව්‍යාපෘතියක අසමත්වීම්, නීතිමය වගකීම්, ණය අවදානම, හදිසි අනතුරු හා ස්වභාවික ව්‍යසනයන් වැනි අහිතකර තත්ත්වයන් අවදනම් පැමිනීමේ මුහුනුවරයන්ය. වර්තමානයේ විවිධ අවදානම් කළමනාකරණය සම්මුතින් පවති. ව්‍යාපෘති කළමනාකරණ ආයතනය, විද්‍යා හා තාක්ශණ ජාතික ආයතනය ඉන්දියාව හා ජාත්‍යන්තර ප්රමිතිකරන ආයතනය මගින් මෙම සම්මුතීන් ඉදිරිපත් කර ඇත. මෙම රීතීන්, අර්ථ දැක්වීම් සහ අරමුණු, අවදානම් කළමනාකරණය පථය අනුව වෙනස් වේ. එනම්, ආරක්ෂාව, ඉන්ජිනේරු විද්‍යා, කර්මාන්ත ක්‍රියවලිය, මූල්‍ය ආයෝජනය, ආයුගණක ඇගයුම්, මහජන සුවය සහ සුරක්ශිතභාවය ආදී විවිධ ක්ෂේත්‍ර අනුව අවදනම් කළමනාකරණය ක්‍රම සහ විධි වෙනස් වී.
අවදානම් කළමනාකරණයේදී භාවිතවන විවිධ ක්‍රම උපායයන් අතර අවදානම වෙනත් පාර්ශවයකට මාරුකිරීම, අවදානම මගහැරීම, අවදානමේ අහිතකර බලපෑම අඩුකිරීම සහ අවධානමේ අහිතකර බලපාම් සියල්ලම හෝ කොටසක් බාරගනීම ප්‍රධාන වේ.
වර්තමානයේදී අවදානම් කළමනාකරණය අති විශාල පරාසයක් පුරා විහිදුනු අති දැවන්ත විෂය ක්ෂේත්රයකි. ඉතා ඉක්මනින් වෙනස් වන වර්තමාන පරිසරය තුල ඇතිවන අවදානම් කළමනාකරණය කිරීම අනාගත පවැත්ම සදහා අත්‍යාවශ්‍ය කටයුත්තකි. මෙම පරිසරය වෙළදපොල පරිසරය හෝ ස්වභාව ධර්මය විය හැක.