ඍග් වේද
හින්දු භක්තිකයන්ගේ පැරණිතම වේදය / From Wikipedia, the free encyclopedia
ඍග් වේදය, ඍග්වේද (සංස්කෘත: ऋग्वेद) යනු වෛදික පුරාණ සංස්කෘත ගීතිකා වල එකතුවකි එය වේද ලෙස හැඳින්වෙන හින්දු ආගමික පූජනීය කෘති අතරින් පළමුවැන්න යි.
ඍග් වේද | |
---|---|
තොරතුරු | |
ආගම | හින්දු ධර්මය |
භාෂාව | වෛදික සංස්කෘත |
පරිච්ඡේද | මණ්ඩල 10 |
පද්‍ය | මන්ත්රයන් 10,552 |
ඍග්වේදය යනු පැරණිතම වෛදික සංස්කෘත ග්‍රන්ථයයි. එහි මුල් ස්ථර ඕනෑම ඉන්දු-යුරෝපීය භාෂාවක පවතින පැරණිතම ලියවිලි වලින් එකකි.[1] 2 වන සහස්‍රයේ සිට ඍග්වේදයේ ශබ්ද සහ පාඨ වාචිකව සම්ප්‍රේෂණය වී ඇත.
මෙම ලියවිල්ල සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් වලින් සමන්විත වේ. ඍග් වේද සංහිතා යනු මූලික පාඨය වන අතර, එය පද්‍ය 10,600 ක පමණ ගීතිකා 1,028 (සූක්ත) සහිත පොත් 10 කින් (මණ්ඩල) එකතුවකි. මුල්ම රචනා කරන ලද මණ්ඩල අටේ - මණ්ඩල 2 සිට 9 දක්වා - ගීතිකා ප්‍රධාන වශයෙන් විශ්ව විද්‍යාව, වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර සහ දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම ගැන සාකච්ඡා කරයි.[2] වඩාත් මෑතකාලීන මණ්ඩලයන්හී (1 සහ 10) ගීතිකා තුළ දාර්ශනික හෝ සමපේක්ෂන ප්‍රශ්න, සමාජයේ දාන (පුණ්යකර්ම) වැනි ගුණධර්ම, විශ්වයේ ආරම්භය සහ දිව්‍යමය ස්වභාවය පිළිබඳ ප්‍රශ්න සහ ඒවායේ වෙනත් පාරභෞතික ගැටළු පිළිබඳව ද කටයුතු කරයි.
හින්දු චාරිත්‍ර වාරිත්‍රවල (විවාහ මංගල්‍ය වැනි) සහ යාඥාවන් වලදී එහි සමහර පාඨ කියවනු ලැබේ, ඍග් වේදය අඛණ්ඩව භාවිතා වන ලෝකයේ පැරණිතම ආගමික ග්‍රන්ථය වේ.[3][4]