ගොර්යෝ
From Wikipedia, the free encyclopedia
ගොර්යෝ, හෙවත් කොර්යෝ (හංගුල්:고려;හන්ජා:高麗; කොරියානු උච්චාරණය: [koɾjʌ]; 918–1392), යනු 918දී තේජෝ රජු විසින් ස්ථාපනය කරන ලද කොරියානු රාජධානියකි. මෙම රාජධානිය නූතන "කොරියාව" යන වදනේ සම්භවය වන්නට ඇතැයි සැලකේ.[1] එය 936දී පසුකාලීන තුන් රාජධානි එක්සත් කළ අතර 1392දී ජොසොන් රාජවංශයේ ආරම්භකයා විසින් මෙම රාජවංශය අවසන් කරන තෙක්ම එය එය කොරියානු අර්ධද්වීපයේ වැඩි කොටසක් පාලනය කළේ ය. ගොර්යෝ රාජ්‍යය කොරියාවේ දේශසීමා ඊසානදිගින් නූතන වොන්සන් දක්වාත් (936–943), අනතුරුව යාලු ගඟ (993) දක්වාත් සහ අවසානයේ මුළු කොරියානු අර්ධද්වීපයම (1374) දක්වා පුළුල් කළේ ය.
ගොර්යෝ රාජධානිය 고려국 (高麗國) 고려왕조 (高麗王朝) | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
918–1392 | |||||||||||||||
1368දී ගොර්යෝව | |||||||||||||||
තත්ත්වය | ස්වාධීන රාජධානිය (918–1270, 1356–1392) මොංගෝලියානු යුවාන් රාජවංශයේ යටත් විජිතය (1270–1356) | ||||||||||||||
අගනුවර | ගේග්යොං (919–1232, 1270–1392) ගංග්හ්වා (1232–1270) | ||||||||||||||
පොදු භාෂාවන් | මධ්‍ය කොරියානු | ||||||||||||||
ආගම | කොරියානු බුදුදහම, කොරියානු කොන්ෆියුසියානුවාදය, කොරියානු තාවෝවාදය, කොරියානු යකැදුරුවාදය | ||||||||||||||
රජය | රාජාණ්ඩු | ||||||||||||||
රජු | |||||||||||||||
• 918–943 | තේජෝ (පළමු) | ||||||||||||||
• 949–975 | ග්වංජොං | ||||||||||||||
• 981–997 | සොංජොං | ||||||||||||||
• 1046–1083 | මුන්ජොං | ||||||||||||||
• 1351–1374 | ගොංමින් | ||||||||||||||
• 1389–1392 | ගොංග්යැං (අවසාන) | ||||||||||||||
හමුදා රජයේ නායක | |||||||||||||||
• 1170–1171 | ජොං ජුං-බු (පළමු) | ||||||||||||||
• 1171–1174 | යි උයි-බං | ||||||||||||||
• 1196–1219 | චෝයි චුං-හොන් | ||||||||||||||
• 1270 | ඉම් යු-මු (අවසන්) | ||||||||||||||
ඉතිහාසය | |||||||||||||||
• පසුකාලීන තුන් රාජධානිවල නැගීම | 900 | ||||||||||||||
• තේජෝගේ සිංහාසනාරූඪය | 15 ජූනි, 918 | ||||||||||||||
• පසුකාලීන තුන් රාජධානි එක්සත් කිරීම | 936 | ||||||||||||||
• ගොර්යෝ-ඛිටන් යුද්ධය | 993–1019 | ||||||||||||||
• ත්‍රිපිටක කොරියානා සම්පූර්ණ කිරීම | 1251 | ||||||||||||||
• හමුදා රජය | 1170–1270 | ||||||||||||||
1270–1356 | |||||||||||||||
• ගොංග්යැංගේ රජකම අත්හැරීම | 17 ජූලි, 1392 | ||||||||||||||
| |||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව උතුරු කොරියාව |
මෙම යුගයේ වඩාත් වැදගත්ම නිර්මාණයන් දෙකක් ලෙස සෙලඩොන් කුඹල් කර්මාන්තය සහ ත්‍රිපිටක කොරියානා නැමැති බෞද්ධ ත්‍රිපිටකය 80,000කට අධික ලී අච්චු ප්‍රමාණයක කැටයම් කොට හේඉන්සා විහාරයේ තැන්පත් කිරීම (අදටත් සුරක්ෂිතව පවතී) දැක්විය හැක. 1234දී ගොර්යෝවේ ජනයා විසින් සත්‍ය පොත් මුද්‍රණයට උපකාරී වූ පළමු ලෝහ චලන මුද්‍රණ ක්‍රමය නිපදවන ලදී[2][3][4] නිරුපද්‍රිතව පවත්නා පැරණිතම ලෝහ චලන කුමයේ ග්‍රන්ථය වන ජික්ජි යන්න 1377දී මුද්‍රණය විය.[5]
668දී, සිල්ලා රාජ්‍යය ටෑං චීනය සමග ඇති කරගත් සම්මුතියක් අනුව, බෙක්ජේ සහ ගොගුර්යෝ රාජ්‍ය ආක්‍රමණය කළේ ය. නමුත් 9වන සියවසේ අගභාගය වන විට එය ක්‍රමයෙන් දුර්වල වූ අතර එහි පාලකයින් බලවත් වංශවතුන් විසින් පීඩනයට ලක්කරන ලදී. නොයෙකුත් මංකොල්ලකරුවන් සහ අපරාධකරුවන් විසින් කෝලාහල ඇතිකළ අතර, 900දී ජොල්ලා පෙදෙසේ සිල්ලා පාලනයට එරෙහිව පසුකාලීන බෙක්ජේ නැමැති රාජ්‍යයක් ප්‍රකාශයට පත්කොට ග්යොන් හ්වොන් විසින් කැරැල්ලක් දියත්කරන ලදී. ඉන් වසරකට පසු ගුං යේ නැමැත්තකු විසින් උතුරු පෙදෙසේ තේබොං නැමැති රාජ්‍යයක් නම්කොට කැරැලි ඇතිකරන්නට විය. ප්‍රාදේශික වංශාධිපතියකුගේ පුත්‍රයකු වූ වං ගොන්, තේබොං රාජ්‍යයේ සෙන්පතියකු ලෙස සේවය කළේ ය.
918දී වං ගොන් විසින් කැරැලි අතිකොට ගුං යේව ඝාතනය කිරීමෙන් පසු තේබොං රාජ්‍යය බිඳවැටිණි. අනතුරුව එම වර්ෂයේම ජූනි මස ඔහු ගොර්යෝහි තේජෝ ලෙස සිහසුනට පත් විය. ගොර්යෝව සහ පසුකාලීන බෙක්ජේ රාජ්‍යය විසින් සිල්ලා රාජ්‍යය යටත් කරගත් අතර, 935දී එය ගොර්යෝ රාජ්‍යයට යටත් විය. 936දී, පසුකාලීන බෙක්ජේ රාජ්‍යය ද ගොර්යෝවට යටත් විය. මෙලෙසින් ගොර්යෝව කොරියාව තුළ අඛණ්ඩ රාජවංශයක් ලෙසින් ඉදිරි වසර 474 තුළ වැජඹෙන්නට විය. නමුත් 1170 සිට 1270 දක්වා රජය පාලනය කරන ලද්දේ යුධ නායකයින් විසිනි.
13වන සියවස අගභාගය පමණ වන විට, මොංගෝලියානුවන් සහ ඔවුන්ගේ යුවාන් රාජවංශය හේතුවෙන් ගොර්යෝව බලය අතින් පරිහානියට පත්වන්නට විය. 14වන සියවසේ මැද කාලයේ ගොංමින් රජු විසින් සිය රාජධානිය යුවාන් පාලනයෙන් නිදහස් කරගත්ත ද, 1392දී යි සොංග්යේ සෙන්පතියා විසින් මෙහෙයවූ කුමන්ත්රණයකින් ගොන්ග්යැං රජුව නෙරපා දැමිණි. අනතුරුව යි සොංග්යේ ජොසොන්හි තේජෝ ලෙසින් සිහසුනට පත් විය. 1394දී ගොන්ග්යැං රජුව ඝාතනය කරන ලදී.