චීනයේ න්‍යෂ්ටික බලශක්තිය
From Wikipedia, the free encyclopedia
2014 දෙසැම්බර් වන විට, මහජන චීන සමූහාණ්ඩුව සතුව, 19 GW (ගිගා වොට් 19) ක ධාරිතාවයක් නිපදවිය හැකි න්‍යෂ්ටික බලාගාර 23ක් ඇත. එමෙන්ම 25.7 GW (ගිගා වොට් 25.7) ක ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාර 26ක් ඉදිකරමින් පවතී.[1][2][3] වර්ෂ 2020 වනවිට අතිරේක බලාගාර හරහා එම ධාරිතාව 58 GWe (ගිගා වොට් ඉලෙක්ට්‍රිකල් 58) දක්වා වැඩිකර සැපයීමට සැලසුම් කර ඇත.[4] චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවසන ආකාරයට ඔවුන්ගේ අරමුණ වන්නේ 2020 වන විට න්‍යෂ්ටික බලය විසින් නිෂ්පාදනය කරන චීනයේ විදුලි ප්‍රතිශතය වත්මන් 2% සිට 6% ක් දක්වා ඉහළ නැංවීමයි. (ඇමරිකා එක්සත් ජනපදයේ 20% සහ ප්‍රංශයේ 74% හා සසඳන විට)[5] න්‍යෂ්ටික බල ශක්තිය, 2014 දී මුළු නිෂ්පාදනයෙන් 2.4% කට දායකවී ඇත. එය බිලියන 123.8 kWh (කිලෝ වොට් පැය බිලියන 123.8)[6] කෙසේ වෙතත්, න්‍යෂ්ටික බලය පුළුල් කිරීම මන්දගාමී වීමට තුඩුදී ඇති හේතු වන්නේ ඉන්ධන හිඟය, උපකරණ, සුදුසුකම් ලත් බලාගාර කම්කරුවන්, සහ ආරක්ෂා-පරීක්ෂක නිලධාරීන්ය.[7][8]
වායුගෝලයේ ගුණාත්මක බාවය, දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන හිඟකම් වැනි ගැටලු ගැන අවධානයට ලක්කර න්‍යෂ්ටික බලය චීනයේ ගල් අඟුරු බලාගාර වලට විකල්පයක් ලෙස පරීක්ෂාවට ලක් කර ඇත.[9][10] චීනයේ ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බලය ආශ්‍රිතව කටයුතු කරන සමාගම් 2ක් ඇත, උතුරු-නැගෙනහිර චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන චීනයේ ජාතික න්‍යෂ්ටික සංස්ථාව හා චීන ප්‍රධාන න්‍යෂ්ටික බලශක්ති සමූහය - කලින් චීන ඩුවාංග්ඩොන් න්‍යෂ්ටික බලශක්ති සමූහය ලෙස හඳුන්වන ලදී - දකුණු දිග චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ.[11] මහජන චීන සමූහාණ්ඩුව විසින් ITER ව්‍යාපෘතිය හරහා න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා හරහා විදුලිය නිශ්පාදනය කිරීම සංවර්ධනය කරමින් පවතී, මේ සදහා හෙෆෙයි වල EAST ලෙස හැඳින්වෙන පර්යේෂණාත්මක [[[න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක]] බලාගාරය ඉදි කරන ලදී,[12] එමෙන්ම න්‍යෂ්ටික විඛණ්ඩනය සදහා විකල්ප මාධ්‍යයක් ලෙස තෝරියම් ඉන්ධන චක්‍රය භාවිතා කිරීමට පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙමින් පවතී.[13]
චීනය අන්තර් ජාතික සහයෝගය සහ තාක්ෂණය හුවමාරු කිරීමද ධෛර්යමත් කරනු ලැබේ, නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියක නිෂ්පාදන හා සැලසුම් මත ස්වයං-විශ්වාසය උපරිම කිරීමට අවශ්‍යය. ACPR1000 සහ AP1000 වැනි අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක නුදුරු අනාගතයේ දී ප්‍රධාන තාක්ෂණය වේ. මේ සියවසේ මැද භාගය වන විට වේග නියුට්‍රෝන ප්‍රතික්‍රියාකාරක ප්‍රධාන තාක්ෂණය වන බව පෙනෙන්නට ඇත. දිගු කාලීන සැලසුම් අනුව 2030 වනවිට 200 GW (ගිගා වොට් 200) හා 2050 වන විට 400 GW (ගිගා වොට් 400) නිපදවීමට අරමුණු කර ඇත. වේග නියුට්‍රෝන ප්‍රතික්‍රියාකාරක හරහා 2100 වන විට 1400 GW (ගිගා වොට් 1400) නිපදවීමට සැලසුම් කර ඇත.[14] චීනය, CPR-1000 අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරකය සංවර්ධනය හරහා ප්‍රතික්‍රියාකාරක අපනයන කරන්නන් බවට පත්වී ඇත.