ථේරවාද (Pāli: थेरवाद theravāda (cf Sanskrit: स्थविरवाद sthaviravāda); වචනානුසාරයෙන් ගත් කළ, "තෙරණුවන්ගේ ඉගැන්වීම්" හෝ "පැරැන්නන්ගේ ඉගැන්වීම්", හෙවත් ආදීතම බෞද්ධ සම්ප්රදාය වෙයි. එහි ආරම්භය ඉන්දියාවේ ය. එය සාපේක්ෂකව තිතිරකුවාදීය. සාමාන්‍යයෙන් වඩා සමීප වෙන්නේ පැරණිතම බුදුදහමට ය.[1] ශත වර්ෂ ගණනාවක් යනතුරු එය ශ්‍රී ලංකාවේ අතිප්රමුඛ වූ ආගම විය (ජනගහණයෙන් 70% ක් පමණ අදහන්නකි).[2]) ගිණිකොන දිග ආසියාවේ කාම්බෝජය, ලාඕස්, බුරුමය, තායිලන්තය වැනි රටවල ද බහුල වශයෙන් අදහන ආගමකි. එය නිරිත දිග ආසියානු රටවල සමහර පැති වල, එනම් චීනයේ ශාන් සහ තාලි යන ජන වාර්ගික කොටස් අදහන ආගමකි. වියට්නාමයේ කේමර් අය ද, බංගලාදේශයේ බරුවා, චක්මා සහ මග් යනාදීන් ද, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අය ද අදහන අතර මෑතක දී සිංගප්පූරුවේ සහ බටහිර රටවල ද ජනප්‍රියත්වයක් ඇතිවෙමින් පවතින්නකි. අද ලෝකයේ ථේරවාද බෞද්ධාගමිකයන් මිලියන සියයකට වඩා ලොව පුරා ඇතැයි සැලකේ. පසුගිය දශකයන්හි දී ථේරවාද දහම බටහිර රටවල මෙන්ම එය බිහි වූ ඉන්දියාවේ ද නැවත පුනර්ජීවයක් ලබා ඇතැයි කියැවේ. [3]