දෙ-සිදුරු පිරියෙසුම
From Wikipedia, the free encyclopedia
නූතන භෞතික විදුවෙහි දෙ-සිදුරු පිරියෙසුම[n] හෙවත් ද්විත්ව සිදුරු පර්යේෂණය (ඉංග්රීසි: The Double-Slit Experiment) යනු සිංහලෙන් ද්විත්ව සිදුරු පරීක්ෂණය (දෙ-සිදුරු පිරික්සුම) ලෙස දු හැඳින්වෙන, අලුවට[1] හා පදාර්ථයට හා කුලවත් වැ[2] අරුත් දැක්වුණු රැළි (තරංග) හා අංශු හා යන දෙකෙහි මැ ගතිසිරිත් පෑ හැකි බව පෙන්වන්නෙකි. එ මතු නො වැ, එය ක්වොන්ටම් යාන්ත්රික සංසිද්ධිවලැ මූලික සම්භාවිතා සොබාව පෙනවයි. දිසි අලුයෙහි රැළි හැසිරුම විදහා පෑමක් ලෙස තොමොස් යං විසින් 1801 දී මේ අතේ පිරියෙසුමක් මුල් වරට කැරුණේ යි.[3] එ කලැ සිතුවේ අලුව, රැළි හෝ අංශු හෝ වලින් යුත් බවයි. වසර සියයකට පමණ පසු නූතන භෞතික විදුවේ අරැඹුමත් සමඟ, අලුවට ඇත්තෙන් මැ රැළි හා අංශු හා යන දෙකෙහි මැ හැසිරුම් ගතිසිරිත් පෑ හැකි බව වැටැහුණි. 1927 දී ඩේවිස්සන් හා ජර්මර් හා විදුරොන් ද සමාන හැසිරීමෙක් පානා බව පෙන්වූ අතර පසු වැ එය පරමාණු හා අණු හා දක්වා දිගැදුණි.[4][5]'තොමසු යංගේ අලුව පිළිබැඳි පිරියෙසුම' ක්වොන්ටම් යාන්ත්රණයේ හා තරංග-අංශු ද්විත්වතා සංකල්පයේ හා දිවැඩුමට බොහෝ කලකට පෙරැ කුලවත් භෞතික විදුවේ කොටසක් වියැ. එය 'ක්රිස්ටියන් හියුජන්ස්ගේ අලුව පිළිබැඳි තරංග ප්රවාදය නිවැරදි බව් පානා බව හේ ඇදැහූ අතර, ඔහුගේ පිරියෙසුම ඇතැම් විටැ යංගේ පිරියෙසුම[6] හෝ යංගේ සිදුරු හෝ ලෙස හැඳින්වේ. [7]