ප්‍රකාශ තන්තු
From Wikipedia, the free encyclopedia
ප්‍රකාශ තන්තුවක් යනු තන්තුවෙහි දෙකොණ අතර ආලෝකය සම්ප්‍රේෂණය කල හැකි වන පරිදී තරංග නායකයක් ලෙසින් හෝ "ආලෝක නලයක්" ලෙසින් හෝ ක්‍රියාකරන සිහින්, නම්ය, පාරදෘශ්‍ය තන්තුවකි. ව්‍යවහාරික විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහි, ප්‍රකාශ තන්තු සැලසුම් කිරීම හා භාවිතය පිළිබඳ ක්ෂේත්රය හැඳින්වෙන්නේ තන්තු ප්‍රකාශ විද්‍යාව ලෙසිනි. වෙනත් සන්නිවේදන ආකාරවලට වඩාඉහල දත්ත සීඝ්‍රතාවයකින් සහ දුර ස්ථාන 2ක් හරහා සම්ප්‍රේෂණය කිරීමට මෙමඟින් ඉඩ ලබාදේ. ලෝහ කම්බි වෙනුවට තන්තු භාවිතා කරනුයේ , ඒවා හරහා අඩු හානියකින් යුතුය සංඥාගමන් කරන නිසා සහ ඒවා විද්‍යුත් චුම්භක බාධා කිරීම් වලට ඹරොත්තු දෙන නිසාත්ය. ප්‍රකාශ තන්තු සංවේදක සඳහාත් ,විවිධාංගීකරණය වු වෙනත් භාවිතයන් වලදීත් යොදා ගැනේ.
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මඟින් ප්‍රකාශ තන්තුවේ හරය තුළ ආලෝකය පවත්වා ගැනේ. මෙය තන්තුව ක්ෂුද්‍ර තරංග රඳවාගෙන සිටින හා ප්‍රවාහනය කරන ලෝහ නලයක් ලෙස ක්‍රියා කිරීමට හේතු කාරක වේ.බොහෝ ව්‍යාප්ති මාර්ග හෝ තීර්යයක් ආකාර සඳහා සහාය වන තන්තු බහුවිධ ආකාර තන්තුලෙස හැඳින්වේ. බහුවිධ ආකාර තන්තුවලට සාමාන්‍යයෙන් විශාල විෂ්කම්භයක් සහිත හරයක් තිබෙන අතර කෙටිදුර සන්නිවේදන සම්බන්දතා සඳහා හෝ වැඩි බලයක් සම්ප්‍රේෂණය කළයුතු අවස්ථා සඳහා යොදා ගනී.තනි ආකාර තන්තු 200mට වඩා දිග ,බෙහෝ සන්නිවේදන සම්බන්ධතා සඳහා යොදා ගනී.
ප්‍රකාශ තන්තු වල දිග ප්‍රමාණයෙන් සම්බන්ධ කිරීම , විදුලි කම්බි හෝ කේබල සම්බන්ධ කිරීමට වඩා බෙහෝ සංකීර්ණ වේ. තන්තු වල කෙළවර සැලකිල්ලෙන් යුතුව පැලිය යුතු වන අතර ඉන්පසුව කාර්මිකව එකට පිරිද්දීම හෝ එසේත් නැතිනම් විද්‍යුත් වාපයක් භාවිතයෙන් ඒවා එකට විලීන කිරිම කළ යුතුය. ඉවත් කළ හැකි සම්බන්ධතා ඇති කිරීම සඳහා විශේෂ සම්බන්ධක භාවිතා කරනු ලබේ.