පාෂාණ (භූ විද්‍යාව)
From Wikipedia, the free encyclopedia
පාෂාණයක් යනු ඕනෑම ඛණිජමය හෝ ඛණිජාකාර ද්‍රව්‍යකින් සැදුණු ස්වභාවිකව පවත්නා ඝණ ස්කන්ධයකි. එහි පවත්නා ඛණිජ අන්තර්ගතය, එහි රසායනික සංයුතිය සහ නිර්මාණය වී ඇති ආකාරය අනුව එය වර්ගීකරණය වී ඇත. පාෂාණ සාමාන්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරෙයි: ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ වශයෙනි. පාෂාණ වෙතින් පෘථිවියෙහි පිටත ඝණ ස්ථරය වන්නාවූ කබොල්ල තැනෙයි.