මිනිස් දත්
From Wikipedia, the free encyclopedia
මිනිස් දත් යනු මිනිස් මුඛය තුළ පිහිටි කුඩා, චුර්ණිකෘත, දැඩි, සුදට හුරු ව්‍යුහයන්ය. ඒවායේ යාන්ත්‍රික ක්‍රියාව(සැපීම) ආහාර ද්‍රව්‍ය කැපීම සහ ඇඹරීම මගින් ආහාර ගිලීමට හා ජිරණයට සුදානම් කරයි. දත් වල මුල් උඩු හනුව (උඩු හක්ක) සහ යටිහනුව (යටි හක්ක) තුළ ගිලී විදුරුමස මගින් ආවරණය වී පවතී. දත් නිර්මාණය වී ඇත්තේ විචල්‍ය ඝනත්වයක් හා දෘඩතාවක් ඇති පටක වලිනි.
දත් | |
---|---|
තොරතුරු | |
ලතින් | dentes |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.199 |
MeSH | Tooth |
කේතය | TA A05.1.03.001 |
Dorlands /Elsevier | Tooth |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
දත් ක්ෂීරපායින්ට ඉතාම ලාක්ෂනික (සහ චිරස්ථිත) ලක්ෂණයකි. අනෙකුත් ක්ෂිරපායීන් මෙන්ම මිනිසාටද ද්විවාර දන්තිනයකි, එනම් ජිවිත කාලය තුළ කට්ටල දෙකක් ලෙස ඇතිවන දත් පවතී. සාමාන්‍යයෙන් පළමු දත් කට්ටලය (ළදරු දත්, කිරි දත්, ප්‍රාථමික දත්,පතනශීලි දත් ලෙසද ඒවා හැඳින්වේ) ඇතිවීම මාස 6 දී පමණ ඇරඹෙන නමුත් ඇතැම් ළදරුවන් ඉපදෙන විටම ඇසට පෙනෙන දතක් හෝ කිහිපයක් සහිතව උපදී. එවැනි දත් නවජ දත් ලෙස හඳුන්වයි. මාස හයේදී පමණ සිදුවන සාමාන්‍ය දත්න විදාරණය ඇතැම් විට වේදනාකාරී විය හැකිය.
දන්ත ක්ෂතිය යනු මුහුණෙහි, මුඛයෙහි සහ විශේෂයෙන් දත්වල, තොල් වල, හා පටක ආශ්‍රිතව සිදුවන ඉරීම් වේ.