වේල්සයෙහි කුමරිය
From Wikipedia, the free encyclopedia
වේල්සයෙහි කුමරිය (වේල්ස: Tywysoges Cymru) යනු, 1301දී පත්වූ පළමු පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරාගේ සමයෙහි පටන් වේල්සයෙහි කුමරාගේ බිරිය විසින් දැරුණු බ්‍රිතාන්‍ය ගෞරවනීය අභිධානයකි.
දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සිට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල්සයෙහි කුමරියන් දස දෙනෙකු පමණයි. වේල්සයෙහි කුමරුන් වැඩි දෙනෙකු විවාහ පත් වී ඇත්තේ සිහසුනට පත්වීමෙන් අනතුරුවය. වේල්සයෙහි කුමරුන් කිහිප දෙනෙකු විවාහ පත් වීමට සුදුසු වයස එළඹීමට පෙර මියැදී ඇත.
වර්තමාන වේල්සයෙහි කුමරුගේ දෙවන භාර්යාව, කැමිලා, කෝන්වල්හී ආදිපාදවරිය, නිත්‍යානුකූලව වේල්සයෙහි කුමරිය වන නමුදු, අභිධානය භාවිතා නොකරන්නේ, ඇයගේ සැමියාගේ පළමු බිරිය වූ, නැසීගිය ඩයනා, වේල්සයෙහි කුමරියට සිදුකෙරෙන ගරු කිරීමක් වශයෙනි. වර්තමාන කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය ඊළඟ වේල්සයෙහි කුමරිය වෙතැයි අපේක්ෂා කෙරෙයි.