සිකුරු සංක්‍රාන්තිය
සිකුරු සංක්‍රාන්තිය / From Wikipedia, the free encyclopedia
සිකුරු සංක්රාන්තියේදී සිදු වන්නේ සිකුරු ග්‍රහලෝකය සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී සූර්යයා සහ පෘථිවිය(හෝ වෙනත් ග්‍රහලෝකයක්) අතරට එය පැමිණීමයි. මෙහිදී සුර්යාට එදිරිව සිකුරු පැමිණීම දැක ගත හැකි වේ. පරිභ්‍රමණය අතර තුළ හිරු තුළින් ගමන් කරන කුඩා කළු පැහැති තැටියක් ආකාරයට සිකුරු පෘථිවියට දර්ශනය වේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්ති කාල සීමාව මනිනු ලබන්නේ පැය වලිනි. (2012 සිදු වූ අවසන් සංක්‍රාන්තියට ගත වූ කාලය පැය හයයි මිනිත්තු හතලිහයි ). මෙම සංක්‍රාන්තිය චන්ද්රක්ග්රහනයකට සමානකම් දක්වයි. සිකුරුගේ විශ්කම්භය සඳ මෙන් තුන් ගුණයක් වුවද එය දිස් වන්නේ කුඩාවට වන අතර සූර්යා වටා ගමන් ගන්නේද සෙමිනි. එය පිහිටා තිබෙන්නේ පෘථිවියට සිට වඩා දුරින් වීම ඊට හේතුවයි.
සිකුරු සංක්‍රාන්ති සංසිද්ධිය තාරකා විද්‍යාවේ දුර්ලභ සිදුවීමකි. [1]මෙම සංසිද්ධිය සෑම අවුරුදු 243 කට වරක් යුගල වශයෙන් අවුරුදු අටක් වෙන් වෙන්ව අවුරුදු 121.5 සහ අවුරුදු 105.5 වැනි විශාල පරතරයක් ඇතිව සිදු වේ. මෙම ආවර්ථිතාව පෘතුවියේ සහ සිකුරුගේ කක්ෂ එකිනෙකට 8:13 සහ 243:395 ප්‍රමාණයකින් ආසන්න වීම හේතුවෙන් පිළිඹිබු වේ.[2] [3]
අවසන් වරට සිකුරු සංක්‍රාන්තියක් දැක ගත හැකි වූයේ 2012 ජූනි 5 හෝ 6 හෝ දිනදීය. එය විසි එක් වන සියවසේ අවසන් සංක්රාන්තියයි. ඊට ප්‍රථම සන්ක්‍රාන්තිය සිදු වූයේ 2004 ජුනි අට වනදාය. ඊටත් ප්‍රථම සංක්‍රාන්ති යුගල සිදු වී ඇත්තේ 1874 සහ 1882 දීය. මීලඟ සංක්‍රාන්තිය 2117 දෙසැම්බර් 10,11 හෝ 2125 දෙසැම්බර් මස හෝ දැක ගත හැකි වේ යයි අනුමාන කෙරෙයි. සිකුරු සංක්‍රාන්තිය ඓතිහාසික සහ ඉතා උසස් වැදගත් කමකින් හෙබියි.[4] [5][6]මන්දයත් සූර්ය පද්ධතියේ විශාලත්වය පිළිබඳ තාත්වික ඇස්තමේන්තුවක් සැකසීමට එය භාවිත කළ හැකිය. 2012 සංක්‍රාන්තිය විද්‍යාඥයන්ට බොහෝ ගවේෂණ අවස්ථා සඳහා මං පාදා ඇත. එමෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රසාධන ක්‍රියාවලියේදී තාක්ෂණික ක්‍රම සොයා ගැන්මටද එය උදව් වේ.