ජල විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ජල විද්‍යාව (Hydrology) යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, පාරිසරික විද්‍යාව, භෞතික භූගෝලීය විද්‍යාව හෝ සිවිල් සහ පාරිසරික ඉංජිනේරුකරණය යන ක්ෂේත්රයන් වල වැඩකරනු ලබයි.
ජල විද්‍යාවේ විෂය පථයට ජලය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන ජලවායු ගුණ විද්‍යාව, පෘෂ්ඨීය ජල විද්‍යාව, ජල ප්‍රවාහන කළමණාකරණය සහ ජල ගුණාත්වය යනාදිය අන්තර්ගත වේ. සාගර විද්‍යාව හා කාලගුණ විද්‍යාව ඇතුළත් නොවේ. මන්දයත්, එම ක්ෂේත්රයන් වල ජලය යනු ඉතා වැදගත් අංශ වලින් එකක් පමණි.
ජල විද්‍යාත්මක පර්යේෂණයන් අපට වැදගත් වේ. මන්දයත්, එමඟින් අප ජීවත් වන ලෝකය මැනවින් අවබෝධ කර ගැනීමට අපට හැකියාව ලබාදේ. එසේම පාරිසරික ඉංජිනේරුකරණය, ප්‍රතිපත්ති හා සැළසුම්කරණය පිළිබද දැනුමක් ලබාදේ.