වේබැක් මැශින්
From Wikipedia, the free encyclopedia
වේබැක් මැශින් යනු අන්තර්ජාල ලේඛනාගාරය විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි. මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.
Quick Facts වර්ගය, හිමිකරු ...
වර්ගය | ලේඛනාරක්ෂක |
---|---|
හිමිකරු | අන්තර්ජාල ලේඛනාගාරය |
වෙබ් අඩවිය | archive.org/web/ |
ක්‍රමලේඛන භාෂාව | C, පර්ල් |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 171 (සැප්තැම්බර් 2021)[1] |
දියත් කළේ | ජනවාරි 24, 1996; වසර 28 කට පෙර (1996-01-24)[2] |
දැනට තත්ත්වය | ක්‍රියාත්මකයි |
Close
1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සංරක්ෂණය කර ඇත.