![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e1/Dominica_boiling_lake.jpg/640px-Dominica_boiling_lake.jpg&w=640&q=50)
තාපාංකය
From Wikipedia, the free encyclopedia
කිසියම් ද්‍රව්‍යයක තාපාංකය යනු එම ද්‍රවය නටන උෂ්ණත්වය හෝ වේගවත් වාෂ්පීකරණ තත්වයකට ඇතුල් වන උෂ්ණත්වය වේ. පිරිසිදු ජලය සඳහා මෙය 100°C හෙවත් 212°F වේ. තාපාංකය යනු ලබන්නේ ද්‍රවයේ සංශුද්ධ වාෂ්ප පීඩනය එක් වායුගෝල පීඩනයකට (1 atm) සමානවන විට පවතින උෂ්ණත්වයයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e1/Dominica_boiling_lake.jpg/320px-Dominica_boiling_lake.jpg)
තාපාංක කිහිප ආකාරයකින් වෙනස් කළ හැක. ද්‍රවයට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීම මගින් සාමාන්‍යයෙන් තාපාංකය වෙනස් වේ. එමෙන්ම ද්‍රවයේ පීඩනය වෙනස් කිරීම මගින්ද තාපාංකය වෙනස් වේ.
සීනි, ලුණු හෝ වෙනත් අපද්‍රව්‍යය ජලයට එකතු කළ විට සාමාන්‍යයෙන් තාපාංකය ඉහළ වනු ඇත. ඇල්කොහොල් (මධ්‍යසාර) එකතු කිරීමෙන් තාපාංකය අඩු කර ගත හැකිය.