සෙනගාලය
From Wikipedia, the free encyclopedia
සෙනගෝල් [1][2] (ප්‍රංශ: le Sénégal), නිල වශයෙන් සෙනගෝල් ජනරජය (République du Sénégal, යනු, බටහිර අප්‍රිකාවේ රටකි.
සෙනගෝල් ජනරජය | |
---|---|
ජාතික ගීය: Pincez Tous vos Koras, Frappez les Balafons Everyone strum your koras, strike the balafons | |
නිල භාෂා(ව) | ප්‍රංශ |
සෙනෙගාල රාජ්‍යයේ නිල නාමය වනුයේ 'සෙනෙගාල ජනරජය' යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල ගංඟාවට දකුණු දෙසිනි. නැගෙනහිරට හා උතුරට මායිම් වන්නා වූ සෙනෙගාල ගංඟාව නිසා මෙරටට සෙනෙගාලය යන නාමය ලැබී ඇත.සෙනෙගාල ගංඟාව ආරම්භ වන්නේ 'ෆපවුටා ඩලොනින් ගිනියා' (Fouta Djallonin guinea) වෙනි. බස්නාහිරින් අත්ලන්තික් සාගරයත්, උතුරින් මොරිටානියාවත්, නැගෙනහිරින් මාලි සහ දකුණින් පිහිටි ගිනියා සහ ගිනි බිසවු යනු සෙනෙගාලයේ බාහිර දේශසීමාවන් වෙයි. අභ්‍යන්තරය මුළුමනින්ම වාගේ වටවී ඇත්තේ ගැමිබියාවෙනි. විස්තර කර දක්වතොත් අත්ලාන්තික් කෙටි සාගර තීරුව හැරුණු කොට, උතුරින්, නැගෙනහිරින් හා දකුණින් යන නන් දිසාවෙන්ම මෙම රට ගැමිබියාවන් වට වී තිබේ. සෙනෙගාල රාජ්‍යය ආවරණය කරන භූමි ප්‍රමාණය, වර්ග කිලෝමීටර් 197000 කි. ඇස්තමේන්තු කරන ලද ජනගහනය මිලියන 13.7 ක් පමණ වෙයි. මෙහි ඇත්තේ වියළි කාලය හා වස්සාන කාලය යනුවෙන් සෘතු දෙකක් සහිත ඝර්ම කලාපීය දේශගුණයකි.
'ඩකාර්' නම් වූ සෙනෙගාල රාජ්‍යයේ අගනුවර පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයට ඔබ්බෙනි.ඒ 'කේප් වර්ඩ් දූපත්' (Cape Verde Island) වලින් සැතපුම් 300 ක් පමණ දුරින් වූ එරටෙහි බස්නාහිර තුඩුවෙහිය. යටත් විජිත සමයේහිදී නානාවිධ අධිරාජ්‍යයන්ට අයත් වෙළඳ මධ්‍යස්ථාන, වෙරළ තීරයෙහි පිහිටුවා තිබිණ. ප්‍රංශයට අයත්ව තිබූ බටහිර අප්‍රිකාවේ (Afrique Occidentaie Francaise හෙවත් AOF හි අගනුවර බවටද, කලක් ශාන්ත ලුවිස් පුරවරය පත්ව තිබිණි. මෙසේ වූයේ වර්ෂ 1902 දී 'ඩකාර්' නගරය අගනුවර ලෙස හැදින්වීමට පෙරදීය. ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ 1960 දී ඩකාර් නගරය සෙනෙගාලයේ අගනුවර බවට පත් විය.