අතාත්වික ඒකකය
From Wikipedia, the free encyclopedia
ගණිතයෙහිදී, අතාත්වික ඒකකය හෝ ඒකක අතාත්වික සංඛ්‍යාව යන්න විසින්, තාත්වික සංඛ්‍යා පද්ධතිය R, අතාත්වික සංඛ්‍යා පද්ධතිය C වෙත ව්‍යාප්ත කිරීමට ඉඩ සලසන අතර, ඉන් අනතුරුව මෙය විසින්, බහුපද ප්‍රකාශන P(x) සඳහාම අවම වශයෙන් එක් මූලයක් හෝ සපයයි ( වීජීය සංවෘතිය සහ වීජ ගණිතයෙහි මූලික ප්‍රමේයය බලන්න). ඉතා බහුල ලෙසින් අතාත්වික ඒකකය දක්වනු ලබන්නේ i ලෙසිනි. අතාත්වික ඒකකයේ හරාත්මක ලක්ෂණය වන්නේ i2 = −1 යන්නයි. "අතාත්වික" යන පදය භාවිතා වන්නේ, සෘණ වර්ගයක් සහිත තාත්වික සංඛ්‍යාවක් නොපවතින බැවිනි.
එක් ද්විත්ව වර්ග මූලයක් සහිත ශුන්‍යය හැර, අනෙකුත් සියළු තාත්වික සංඛ්‍යාවන්ට සංකීර්ණ වර්ග මූලයන් දෙකක් ඇති ලෙසින්ම, −1 සඳහාද සත්‍ය වශයෙන්ම, i සහ −i නමැති, සංකීර්ණ වර්ග මූල දෙකක් ඇත.
i යන්න උභයාර්ථවාචී හෝ ගටළු සහගත වන අවස්ථාවන්හීදී, j හෝ ග්‍රීක ι යන්න ( විකල්ප අංකන බලන්න) සමහර විට භාවිතා වෙයි. විදුලි ඉංජිනේරු විද්‍යාව සහ පාලන පද්ධති ඉංජිනේරු විද්‍යාව ශික්ෂණයන්හිදී, i වෙනුවට අතාත්වික ඒකකය බොහෝ විට නිරූපණය වන්නේ j යන්නෙන් වන අතර, එසේ වන්නේ i යන්න මෙම ශික්ෂයන්හිදී බහුල ලෙසින් විද්‍යුත් ධාරාව නිරූපණය කිරීමට භාවිතා වන බැවිනි.
අතාත්වික ඒකකයෙහි ඉතිහාසය සඳහා, සංකීර්ණ සංඛ්‍යාව: ඉතිහාසය බලන්න.