අනුරාධ දූල්ලෑව විජයරත්න
From Wikipedia, the free encyclopedia
අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Anuradha Neelendra Dullewe Wijeyeratne) (1962 මාර්තු 22) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයකු හා ආයෝජයකි.[1] 1931 වසරේ සිට වසර 90 කට වැඩි පරපුර තුනක දේශපාලන ඉතිහාසයක් ඇති පවුලකින් පැවත එන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කල අතර සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වශයෙන් 1988 වසරෙහිදී තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් හොබවා ඇත.[2] එක්සත් ජාතික පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කර 2020 මාර්තු මාසයේදී මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී. 2020 මහ මැතිවරණයේ දී විජයරත්න පාර්ලිමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අසුනකට ඉදිරිපත් වි පරාජයට පත් වු අතර ඔහු දක්ෂිණාංශය මතවාදීව එක්සත් ජාතික පක්ෂ තුල ස්ථානගත වී ඇත.[3]
අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න | |
---|---|
උපත | මාර්තු 22, 1962 (1962-03-22) (වයස 62) |
නිවහන | 168/7, ඇතුලත මල් පාර, කොළඹ 7. |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ සහ ආයෝජක |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | දයාoගනි විජයරත්න |
දරුවන් | වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න |
ආගම | බෞද්ධ |