අනුර කුමාර දිසානායක
From Wikipedia, the free encyclopedia
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, (දෙමළ: அநுர குமார திசாநாயக்க, ඉංග්‍රීසි: Anura Kumara Dissanayake; උපත 24 නොවැම්බර් 1968) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ වත්මන් නායක ලෙස කටයුතු කරයි.[1] අනුර දිසානායක කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත. 2014 පෙබරවාරි 2 වැනිදා පැවති ජවිපෙ 7 වැනි ජාතික සම්මේලනයේදී දිසානායක ජවිපෙ නායකයා ලෙස නම් කර තිබේ. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.
08
Quick Facts ගරුපා.ම.අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක ...
අනුර කුමාර දිසානායක | |
---|---|
ජනතා විමුක්ති පෙරමුණේ නායක | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2 පෙබරවාරි 2014 | |
පූර්වප්‍රාප්තිකයා | සෝමවංශ අමරසිංහ |
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
තනතුර දරමින් 3 සැප්තැම්බර් 2015 – 18 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න |
අනුප්‍රාප්තිකයා | මහින්ද අමරවීර |
ජාතික ජන බලවේගයේ නායක | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2019 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 අප්‍රේල් 2004 – 8 අප්‍රේල් 2010 | |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 17 අගෝස්තු 2015 | |
තනතුර දරමින් 18 ඔක්තෝම්බර් 2000 – 7 පෙබරවාරි 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 24 නොවැම්බර් 1968 (1968-11-24) (වයස 55) ලංකා ඩොමීනියන් රාජ්‍යය |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ජාතික ජන බලවේගය |
උගත් ශාස්ත්‍රාලය | කැලණිය විශ්වවිද්‍යාලය |
Close