අපද්‍රව්‍ය කළමනාකරණය
From Wikipedia, the free encyclopedia
අපද්‍රව්‍ය කළමනාකරණය හෝ අපද්‍රව්‍ය බැහැර කිරීම (ඉංග්‍රීසි: waste management, waste disposal) යනු අපද්‍රව්‍ය ජනිත වීමේ සිට ඒවායේ අවසාන බැහැර කිරීම දක්වා කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාවලි සහ ක්‍රියා වේ.[1] අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, පිරියම් කිරීම සහ බැහැර කිරීම මෙන්ම අපද්‍රව්‍ය ආශ්රිත නීති, තාක්ෂණයන්, සහ ආර්ථික යාන්ත්‍රණ අධීක්ෂණය සහ නියාමනය මෙයට ඇතුළත් වේ.