අබ්දුල් ෆටා අල්-සිසී
From Wikipedia, the free encyclopedia
අබ්දුල් ෆටා සයීද් හුසෙයින් කාලිල් අල්-සිසී (අරාබි: عبد الفتاح سعيد حسين خليل السيسي ‘Abd al-Fattāḥ Sa‘īd Ḥusayn Khalīl as-Sīsī, උපත 19 නොවැම්බර් 1954) යනු, ඊජිප්තුවේ ජනාධිපති ලෙසින් තේරී පත්වූ තැනැත්තේය. ඊජිප්තු හමුදා ආඥාපති වරයෙකු වූ ඔහු 2012 අගෝස්තු 12 සිට 2014 මාර්තු 26 දක්වා එහි ප්‍රධාන හමුදා ආඥාපති ලෙසත් ඊජිප්තුවේ ආරක්ෂක ඇමති ලෙසත් ක්‍රියා කළේය.[1] හමුදා ප්‍රධානියා ලෙස ජනාධිපති මොහොමඩ් මොර්සි හා ඔහුගේ රජයට තරයේ ම විරුද්ධ ව ක්‍රියා කළ ඔහු මොහොමඩ් මොර්සි ධූරයෙන් පහ කිරීමේ දී ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. අල්-සිසී පසුව ඊජිප්තුවේ ආරක්ෂක අමාත්‍යධූරය දරමින් ම ඊජිප්තුවේ ප්‍රථම නියෝජ්‍ය අගමැති බවට පත් විය. 2014 මාර්තු 26 වන දින තමාට 2014 ජනාධිපතිවරණය ට තරඟ වැදීම ට ඇති බව නිවේදනය කළ අල්-සිසී හමුදාවෙන් ඉල්ලා අස් විය.[1] 2014 මැයි 26 සිට 28 දක්වා පැවති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් ඔහුට හිමි විය.[2]
ඊජිප්තුවේ ජනාධිපතිවරයා තේරී පත්වූ | |
---|---|
පදවි ප්‍රාප්තිය 1 ජූනි 2014 | |
අග්‍රාමාත්‍යවරයා | ඉබ්රාහිම් මහ්ලාබ් |
අනුප්‍රාප්තික | ඇඩ්ලි මන්සූර් (වැඩබලන) |
ඊජිප්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 16 ජූලි 2013 – 26 මාර්තු 2014 | |
අග්‍රාමාත්‍යවරයා | හසීම් අප් බෙබ්ලාවි ඉබ්රාහිම් මහ්ලාබ් |