අයිසැක් නිව්ටන්
From Wikipedia, the free encyclopedia
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් රා.ස.ස. පා.ම. (1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. [1][2] ඔහු විසින් 1687 පළ කළ [Philosophiae Naturalis Principia Mathematica] ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එතැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්රගමනයට ඉඩ සැලසීය.
ඔහු විසින් රචිත Principia ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්රකාශනයක් ලෙස සැලකේ.
යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්රත්යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේගය පිළිබදව ද අධ්‍යයනය කළේය.
ගණිතයේ දී කලනය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රිඩ් ලිබ්නිට්ස් (Gottfried Leibniz) අතර බෙදී යයි. නිඛිල නොවන දර්ශක සඳහා ද යොදා ගත හැකි සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය. 2005 වසරේ රාජකීය සංගමය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.
නිව්ටන් සාම්ප්‍රධායික ක්රිස්තියානුවෙක් නොවුනත් දැඩි සේ ආගමික ජීවිතයක් ගතකලේය. එහෙයින්ම ඔහු ගුප්ත දේ සම්බන්ධයෙන් කල හැදෑරීම් සුඵ පටු නොවේ. ඔහු අප්රසිද්ධවම ත්‍රිත්වවාදය සහ දේවගැතිධූරයේ පැවැත්ම ප්‍රතික්ෂේප කලේය. රාජකීය මුදල් නිර්මාණය කිරීමේ සංගමයේ බලවත්ම ධූරය හෙබවූ නිව්ටන් මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය බ්‍රිතාන්‍යයට හඳුන්වාදීය.