ඇදුම
From Wikipedia, the free encyclopedia
ඇදුම රෝගය ශ්වසන පද්ධතියේ ශ්වසන නාලයන් නොයෙක් සාධකවල ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස සංකෝචනය වීම, ආසාදනය වීම හා අධිකව ස්රාවයන් නිකුත් කිරීම නිසා ඇතිවන කල් පවත්නා රොගී තත්වයකි. එය බොහෝ විට උත්තේජනයන් එකක් හෝ කිහිපයක් නිසා ඇතිවිය හැක. අවට පරිසරයේ ඇති අසාත්මික කාරකයන් . දුම් කොළ දුම , සිසිල් හෝ රස්නය ඇති වාතය , සුවද විලවුන් වර්ග . සුරතල් සතුන්ගේ ලෝම , ව්‍යායාම් කිරීම හෝ මානසිකව ආතතිය ඇතිවන අවස්ථාවන්හිදි යටපත් වී ඇති රෝගය නැවත මතුවිය හැකිය. කුඩා ළමුන්ගේ මෙම රෝගය නැවත නැවතත් මතු වීම සිදු කරනුයේ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව නිසාවෙනි. ශ්වාසනාලයන් සංකෝචනය වීම හේතුවෙන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම , පපුවේ ඇතිවන රූං රූං ශබ්දය , හති ගතිය . පපුව හිරවීම හා කැස්ස ඇතිවිය හැකිය. ශ්වාසනාල සංකෝචනය වීම ඒවා විස්ථාරනය කරන ෙඖෂධ මගින් යථාතත්වයට පත්කර ගත හැකිවේ.රෝගය ඇතිවන අවස්ථාවන් දෙකක් අතර ෙබාහෝ විට රෝගියා නිරෝගී වන නමුත් සුළු සුළු රෝග ලක්ෂණයන් පැවතීම සහ දිගු ව්‍යායාමයන්ගෙන් පසුව නිරෝගී පුද්ගලයකුට වඩා වැඩි කාල සීමාවක් තුළ පවතින හුස්ම ගැනීමේ අපහසුතාවයන් බොහෝ විට ඇති විය හැක. ඇදුම රෝගයෙහි රෝග ලක්ෂණ ඉතා සුලු රෝග ලක්ෂණයන්හි සිට මාරාන්තික ජීවිතය අවධානමකට ලක්කරන රෝග ලක්ෂණයන් දක්වා වුවද ඇතිවිය හැකිය. නමුත් මේවා ජීවත් වන වටාපිටාවේ සිදුකරගනු ලබන වෙනස් වීම් මගින් සහ ෙඖෂධ මගින් පාලනය කිරීමට පුලුවන.
මෙම ලිපිය වනාහි Asthma ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
දියුණු රටවල මහජනතාවගේ අවධානය මෑතක සිට ඇදුම රෝගය කෙරෙහි යොමුවී ඇත. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ නාගරිකව ජීවත්වන ළමුන් හතරකින් එක් අයෙකුට ඇදුම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබීමයි.