From Wikipedia, the free encyclopedia
ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි උපභාෂා කට්ටලයකි. දේශිය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය. [1]
මෙමලිපියෙහි IPA වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, යුනිකේත අක්ෂර වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. ෆෙඩරල් රජය සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි තත්වාකාර භාෂාව ලෙසින් සැලකෙයි. [2] [3]
එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය බ්‍රිතාන්‍ය ජනපදීකරණයෙහි ප්රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, බටහිර අප්‍රිකාවෙහි, දේශීය ඇමරිකානු ජනගහනයෙහි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය.
එංගලන්තයේ කථා කරන ආකාරයට ඉංග්‍රීසි භාෂාව හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව [4] වඩාත් සමජාතීය වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.