From Wikipedia, the free encyclopedia
ඇස්වැස්මක් යනු සාමාන්‍යයෙන් රෙදි වලින්, පළඳින්නාගේ පෙනීම අක්‍රිය කිරීම සඳහා ඇස් ආවරණය වන පරිදි හිසෙහි බැඳ ඇති පැළඳුමකි. නිසි ලෙස පැළඳි ඇස්වැස්මකින්, ඇස් විවෘතව තිබියදී පවා පෙනීම වළක්වන අතර, දුර්වල ලෙස පැළඳි හෝ උපක්‍රමශීලී ඇස්වැස්මක් පැළඳ සිටින තැනැත්තාට අවට හෝ ඇස්වැස්ම හරහාම පවා දැකීමට ඉඩ සැලසෙයි.
විවිධ යෙදුම්වල ඇස්වැසුම් භාවිතා කළ හැකිය:
ඇස්වැස්මක් පැළඳගත්තෙකුට ඔවුනගේ ඉතිරි ඉන්ද්රියයන්ගෙන් ලැබෙන සංවේදනයන්ගේ වැඩි දියුණුවීමක් සිදුවී, ශබ්දය, සුවඳ සහ ශාරීරික ස්පර්ශ කෙරෙහි වැඩි අවධානයක් යොමුවන බව කියනු ලැබේ. මෙමඟින් යමෙකුට සිදුවීමට යන දේ නොපෙනෙන බැවින්, දෘශ්‍ය ඉඟි ඉවත් වීමෙන් වැඩි උද්දීපනයක් සහ අපේක්ෂාවක් ලැබෙයි. එවිට මෙම ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි ඉන්ද්රියමය දැනුවත්භාවයක් ලැබෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි වින්දනයකූත් ලැබෙන බව කියනු ලැබේ. ඇස්වැස්මක් පැළඳීමට යටහත්ව සිටින්නාගේ විශ්වාසය අවශ්‍ය වේ. තවද, පෙනීම තාවකාලිකව අහිමිවීමෙන් ඇතිවන චිත්තවේගීය ඵල පළිබඳ මනා අවබෝධයකින් ඇස්වැසුම් පැළඳිය යුතුය. [6]
ඇස්වැසුම් 15 වන සියවසේ සිට පේන කීම සහ මිථ්‍යා කථා වල ඇතුලක් වූ ප්‍රබල සංකේතයකි.
නීතියේ දී, වාස්තවිකත්වය සහ අපක්ෂපාතීත්වය නියෝජනය කිරීම සඳහා යුක්තියේ ආර්යාව ඇස්වැස්මක් පැළඳ සිටියි. [7]
සංකේතයක් ලෙස ඇස්වැස්ම ටැරෝ සහ වෙනත් පේන කීමේ ක්‍රම වල පොදු තේමාවකි. තවද, ඇස්වැසුම් වින්දිතයන්ගේ තේමාවන්, පැහැදිලි දැක්මකට ප්‍රතිරෝධය පෑම, ප්‍රතික්ෂේප කිරීම් හෝ අදහස් වල සීමිත බව සංකේතාත්මක කළ හැකිය. එය බොහෝ විට සත්‍යයේ සහ අඛණ්ඩතාවයේ පුද්ගලානුබද්ධ/සමාජීය පිරිවැය පිළිබඳව දිවෙන තේමාවන් සමඟ බැඳී ඇත. ඒ හා සමානව, ඇස්වැස්මක නිරූපකය සවිඤ්ඤාණික සහ අවිඥානයේ ද්විකෝටිකය සංකේතවත් කළ හැකි අතර, ඇස්වැස්මක් පැළඳීමෙන් එකතැන පල්වීමක් හෝ අඩු සිහිකල්පනාවක් සංකේතාත්මක කළ හැක. තවද, යමෙකුගේ ඇස්වැස්ම ඉවත් කිරීම යම් පිබිදීමක් හෝ නැවත ඉපදීමක් නියෝජනය කරයි. තවද, යමෙකුගේ සංජානනයට වඩා හැඟීම්වල ලබාදෙන වැදගත්කම පෙන්වාදෙමින්, ඔවුන්ගේ ඉන්ද්‍රියයන්ට වඩා හැඟීමට ඇති සම්බන්ධය ද නියෝජනය කරයි. [8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.