එක්සත් ජනපද ජනාධිපතිවරණය, 1788–89

From Wikipedia, the free encyclopedia

එක්සත් ජනපද ජනාධිපතිවරණය, 1788–89


1788–89 හී එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු පළමුවන චතුර්වාර්ෂික ජනාධිපතිවරණය විය. එය පැවැත්වුණේ 1788, දෙසැම්බර් 15 වන සඳුදා දින සිට 1789, ජනවාරි 10 වන ඉරිදා දින තෙක් විය. මින් පෙර 1788 වසරෙහිදී අපරානුමත කොට තිබූ නව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතෙහි එය පැවැත්විණි. මැතිවරණයෙහිදී, ඔහුගේ ධූර කාලයන් දෙක අතරින් පළමුවැන්න සඳහා ජනාධිපතිවරයා ලෙසින් ජෝර්ජ් වොෂිංටන් නිතරගයෙන් තේරී පත්වූ අතර, ජෝන් ඇඩම්ස් පළමුවන උප ජනාධිපතිවරයා ලෙසින් පත් විය.

Quick Facts ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය, පක්ෂය ...
එක්සත් ජනපද ජනාධිපතිවරණය, 1788–89
එක්සත් ජනපද
දෙසැම්බර් 15, 1788 – ජනවාරි 10, 1789 (1788-12-15 1789-01-10) 1792 
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය11.6%[1]
  Thumb
පක්ෂය පක්ෂග්‍රාහි නොවූ
ජනප්‍රිය ඡන්ද 43,782
ප්‍රතිශතය 100.0%

Thumb
ජනාදිපතිවරණ ප්‍රතිඵල සිතියම. සංඛ්‍යා වෙතින් දැක්වෙන්නේ එක් එක් ජනපදය වෙත වෙන් කෙරුණු මැතිවරණමය පර්ෂද ඡන්ද ගණනයි. (සටහන: උතුරු කැරොලයිනා සහ රෝඩ් අයිලන්ඩ් විසින් එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත නොකර තිබූ අතර, නිව්යෝර්ක් ව්‍යවස්ථාදායකය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක සිටි අතර, වර්මෝන්ට් ක්‍රියාත්මක වූයේ තත්වාකාරයෙන් නොපිළිගත් ජනපදයක් ලෙසිනි.)

ජනාධිපතිවරයා මැතිවරණයට පෙර

නොමැත ( එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නිලය ස්ථාපනය කරන ලදි)

Elected ජනාධිපතිවරයා

ජෝර්ජ් වොෂිංටන්
පක්ෂග්‍රාහී නොවූ

Close

සහසන්ධාන ප්‍රඥප්තිය නමින් හැඳින්වුනු සහ, 1781 වසරෙහිදී අපරානුමත කෙරුණු පළමුවන ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදය සඳහා උපචාරාත්මක රාජ්‍ය නායකයෙක් නොවූ අතර රජයෙහි විධායක පාර්ශවය පැවතියේ, ආණ්ඩුකිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රමය භාවිතා කරන රටවල පැවති පරිදී, කොංග්‍රස් මණ්ඩලයෙහි කොටසක් ලෙසිනි. සහසන්ධීය කොංග්‍රස් මණ්ඩලය වෙත සමස්ත ෆෙඩරල් බලාධිකාරිය පැවරුණු අතර, එසේ "රැස්වුණු කොංග්‍රස් මණ්ඩලය තුල එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා", ජනපද කාරක සභාව ලෙසින් හැඳින්වුණු තත්ත්වාකාර කැබිනට් මණ්ඩලයෙහි සභාපතිවරයාද විය. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා සහ එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා යන තනතුරු ස්ථාපනය කෙරුණු අතර, එය විසින් නියම කෙරුණේ මෙම තනතුරු සඳහා පුද්ගලයන් කොංග්‍රස් මණ්ඩලයෙන් පරිබාහිරව තෝරා පත් කර ගත යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් මැතිවරණමය පර්ෂදයක් ස්ථාපනය කෙරුණු අතර, එහි එක් එක් වරකයා විසින් ඡන්ද දෙකක් භාවිතා කෙරුණේ එය ලබා දෙන්නේ ජනාධිපතිවරයා තේරීමට ලබා දෙන මැතිවරණමය ඡන්ද සහ උප ජනාධිපතිවරයා තේරීමට ලබා දෙන මැතිවරණමය ඡන්ද යන්නන් අතර වෙනසක් නොමැතිවය; 1804 වසරෙහිදී මෙම ක්‍රමය වෙනස් කෙරෙන්නේ දොළොස්වන සංශෝධනය අපරානුමත කිරීමත් සමගය. වෙනස් ජනපද විසින් වරකයන් තෝරා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරන ලදි. බොහෝ ජනපද විසින් මහජන ඡන්දයක් පැවැත්වූ අතර, අනෙකුත් ජනපදයන්හී ජනපද ව්‍යවස්ථාදායකය විසින් වරකයන් පත් කෙරිණි.

ඇමරිකානු විප්ලවවාදී සටනෙහිදී, කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි ආඥාපති ලෙසින් ඔහුගේ භූමිකාව විශිෂ්ඨ ලෙසින් සිදු කිරීමට වොෂිංටන් සමත් වූ අතර එම නිසාම ඔහු අත්‍යන්ත ලෙසින් ජනප්‍රිය විය.

  1. "නැෂනල් ජෙනරල් ඉලෙක්ෂන් වීඊපී ටර්න්අවුට් රේට්ස්, 1789-වර්තමානය". එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතිය. CQ Press.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.