එක්සත් ජාතික පක්ෂය
From Wikipedia, the free encyclopedia
යු.එන්.පී. හෝ එ.ජා.ප. ලෙස බොහෝවිට හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂය ඉංග්‍රීසි: United National Party (ශබ්ද නැගීම යුනයිටඩ් නැෂනල් පාටි ), දෙමළ: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ඓක්කීය දේසීය කච්චි ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය කි . රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන කොටස්කරුවා නොවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමි පක්ෂයකි දකුණට බර, පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
එක්සත් ජාතික පක්ෂය ஐக்கிய தேசியக் கட்சி United National Party | |
---|---|
ගොනුව:UNP logo 1.jpg | |
නායකයා | රනිල් වික්‍රමසිංහ |
ආරම්භක | ඩී.එස්. සේනානායක |
ආරම්භය | සැප්තැම්බර් 6, 1946 (1946-09-06) (77 year ago) |
බිඳීම | ලංකා ජාතික සංගමය සිංහල මහ සභාව |
මූලස්ථානය | එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, සිරිකොත මන්දිරය, නො.400, කෝට්ටේ, පිටකෝට්ටේ |
තරුණ පාර්ශවය | එක්සත් තරුණ පෙරමුණ |
මතවාදය | කොන්සවේටිව්වාදය ආර්ථික ලිබරල්වාදය |
දේශපාලන ආකල්පය | මධ්‍ය-දක්ෂිණාංශික[1] |
ජාතික අනුබැඳිය | එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකාව |
ජාත්‍යන්තර අනුබැඳිය | ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය |
කලාපීය අනුබැඳිය | ආසියා පැසිෆික් ප්රජාතන්ත්රවාදී සංගමය |
නිල වර්ණ | කොළ |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 1 / 225 |
ශ්‍රී ලංකාවේ පළාත් | 113 / 417 |
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන | 2,385 / 8,293 |
මැතිවරණ ලාංඡනය | |
අලියා | |
වෙබ් අඩවිය | |
unp.lk | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
2004 අප්‍රේල් 2 දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සඳහා වූ අවසන් මැතිවරණයෙහි දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ එක්සත් ජාතික පෙරමුණ හි ප්රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද අනතුරුව 2015 ජනවාරි 8 සිට 2019 දක්වාද, ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරය 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.
වර්ෂ 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එ.ජා.ප.යේ පූර්ණ සහය ලබාදුන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වීමත් සමග මැතිවරණ ප්‍රකාශය අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තෙවන වතාවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයට පත්කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට වඩා මධ්‍යස්ථමතධාරි ලෙස පෙනුනද එ. ජා. ප. නව-ලිබරල් වාදී හා වෙෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි[තහවුරු කර නොමැත]. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර ජාත්‍යන්තර ප්රජාතන්ත්ර සංගමය හි සාමාජිකත්වය දරයි.