ඕසෝන් වියන
From Wikipedia, the free encyclopedia
ඕසෝන් වියන: ස්ථර ගෝලය තුල වියනක් ලෙස ක්‍රියා කරමින් සුර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පෘතුවිය මත ජිවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරයි. ඕසෝන් ස්තරය පෘථිවි වායුගෝලයේ ඕසෝන් (O3) සාන්ද්‍රණය සාපේක්ෂ වශයෙන් ඉතා අධික කලාපයකි.කෙසේවෙතත්, ඕසෝන් අරභයා "සාපේක්ෂ වශයෙන් අධික" වුවද, සාමාන්‍ය ඔක්සිජන් අරභයා මෙම සාන්ද්‍රණය මිලියනයකට කොටස් දහයකට වඩා අඩු වන ඉතා ස්වල්ප ප්‍රමාණයක් වන අතර, පෘථිවි වායුගෝලයේ සාමාන්‍ය ඕසෝන් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 0.6 ක් පමණ වෙයි. මෙම ඕසෝන් ස්තරය අසන්න වශයෙන් පෘථිවියේ වායුගෝලයේ පහල ස්ථරයේ එනම් ස්ථරීගොලයෙහිපෘථිවියේ සිට කිලෝමීටර් 20ත් 30ත් අතර උසකින් පිහිට ඇත. මෙහි ඝනකම කලයෙන් කාලයට සහ භූ ප්‍රදේශය අනුව වෙනස් වේ.[1] ඕසෝන් ස්තරය 1913දී ප්‍රංශ ජාතික විද්යාත්ඥයන වන Charles Fabry සහ Henri Buisson විසින් සොයා ගන්නා ලදී. බ්‍රිතාන්‍ය ජාතික කාලගුණ විද්යාත්ඥ G. M. B. Dobson විසින් ඕසෝන් පිලිබඳ සවිස්තරාත්මක අද්ධ්යයනයක් කිරිඉමෙන් අනතුරුව ඔහු විසින් සරල මට්ටමේ spectrophotometer නිපදවන ලදී. මෙය Dobsonmeter) ලෙසද හැදින්වේ.