![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Kathakali_of_kerala.jpg/640px-Kathakali_of_kerala.jpg&w=640&q=50)
කතකලි
From Wikipedia, the free encyclopedia
කතකලි යනු නාට්‍යමය ආකාරයේ ඉන්දියානු නර්තනයකි. එහි මුලාරම්භය දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 16 ශතවර්ෂයේ වර්ෂ 1555 සිට 1605 දක්වා කාලයේ සිට පැවත එන්නකි.
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Kathakali_of_kerala.jpg/640px-Kathakali_of_kerala.jpg)
සාම්ප්‍රදායිකව කතකලි රඟ දක්වනු ලබන්නේ රාත්‍රි කාලයේ වන අතර උදය වන විට නිමා වේ. වර්තමානයේ පැය 3 රඟ දැක්විමද දක්නට ලැබේ. කතකලි සාමාන්‍යයෙන් රඟ දක්වනු ලබන්නේ නලිවිලන්තු (පහන) ඉදිරිපිටදීය. සාම්ප්‍රදායිකව මෙම පහන නර්තන ශිල්පීන්ට ආලෝකය ලබා දුන් අතර පන්සල්, නිවාස හා මාලිගා ආශ්‍රීත වේ. රංගන ශිල්පින් රඟ දක්වනු ලබන්නේ සංගීතය (ගීතා) හා වාදන භාණ්ඩ (පද්යා) වල එකතුවටයි. තැලි වැසීමට යොදා ගන්නා සංගීත භාණ්ඩ වන්නේ චෙන්ගලාව, මදලම්, හා උඩැන්නය. ඊට අමතරව ගායකයින් (මුලික ගායනය පොන්නානි වන අතර සෙසු පිරිස සින්ගිඩ් වේ) හා ඔවුන්ගේ අනුගාමිකයන් චෙන්ගලා හා ඉලයිනෝලම් යනුවෙන් හඳුන්වයි. සමහර අවස්ථාවල ප්‍රධාන ගායකයා චෙන්ගලාව වෘද්යම් හා ගීතා යන දෙකටම මෙය භාවිතා කරයි. මෙම කලාවේ විශේෂත්වය වන්නේ රංගන ශිල්පින් කථා නොකරන අතර, තමන්ගේ දෙඅත් වලින් භාව නිරූපනය කිරීමයි.