![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Carboxylic-acid.svg/langsi-640px-Carboxylic-acid.svg.png&w=640&q=50)
කාබොක්සිලික් අම්ලය
From Wikipedia, the free encyclopedia
කාබොක්සිලික් අම්ලයක් යනු කාබොක්සිල් කාණ්ඩයක් (C(=O)OH) අඩංගු වන්නා වූ කාබනික සංයෝගයකි.[1] කාබොක්සිලික් අම්ලවල පොදු සූත්‍රය R–COOH වන අතර, R මඟින් අණුවේ ඉතිරි (බොහෝවිට ඉතා විශාල) කොටස දැක්වේ. කාබොක්සිලික් අම්ල පුළුල් පරාසයක් තිබෙන අතර ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සැදී ඇති ද්‍රව්‍ය) හා ඇසිටික් අම්ලය (විනාකිරිවල කොටසක් වන අතර පරිවෘත්තියේදී හටගැනේ) ද අයත් වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b5/Carboxylic-acid.svg/640px-Carboxylic-acid.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8e/Carboxylate-resonance-hybrid.png/640px-Carboxylate-resonance-hybrid.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/Carboxyl-3D-space-filling-labelled.png/640px-Carboxyl-3D-space-filling-labelled.png)
කාබොක්සිලික් අම්ලවල ලවණ හා එස්ටර කාබොක්සිලේට ලෙස හඳුන්වයි. කාබොක්සිල් කාණ්ඩයකින් හයිඩ්රජන් ප්‍රෝටෝන ඉවත් වූ විට, එහි සංයුග්මක භෂ්මය විසින් කාබොක්සිලේට් ඇනායනයක් සාදනු ලැබේ. කාබොක්සිලේට් අයන සාම්ප්රයුක්ත ව ස්ථායී නිසා මෙම ස්ථායීතාව කාබොක්සිලික් අම්ල ඇල්කොහොලවලට වඩා ආම්ලික කරයි. කාබොක්සිලික් අම්ලය කාබන් ඩයොක්සයිඩ් ලුවිස් අම්ලයේ ඔක්සිහරිත හෝ ඇල්කිල්කෘත ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවලදී කාබන් ඩයොක්සයිඩ් ලැබීමට විකාබොක්සිල්කරණය වේ.