කාලිංග මාඝ රජ
From Wikipedia, the free encyclopedia
කාලිංග මාඝ (දෙමළ: கலிங்க மாகன், ඉංග්‍රීසි: Kalinga Magha) සහ ක්‍රෑර මාඝ ලෙසින්ද හැඳින්වෙන, මාඝ (රාජ්‍යත්වය 1215–1255), යනු ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේ රජෙකු වන අතර ඔහු සිහියට නැගෙන්නේ ප්‍රාථමික වශයෙන් ඔහුගේ ක්‍රෑර හා පීඩාකාරී පාලනය නිසාවෙනි. 1215දී නැගෙනහිර ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ සිට මාඝ මෙහි පැමිණ මෙම රට ආක්‍රමණය කර වන අතර පරාක්‍රම පාණ්ඩ්‍ය සිහසුනෙන් පහකර ලීය. ඔහුගේ රාජ්‍යත්වය තුලදී, දේශීය සිංහලයන් ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර ප්‍රදේශයන්ටද, රට අභ්‍යන්තරයෙහි මධ්‍ය කඳුකරයටද අතිමහත් වශයෙන් සංක්‍රමණය වූයේ ඔහුගේ පීඩාකාරී පාලනයෙන් මිදීමටය.[1] රජරට නමින් හැදුන්වුනු පුරාණ උතුරු ප්‍රදේශයේ බලය ලබා ගත් අවසාන රජු වුයේ මාඝයි. ඔහු උතුරේ සිංහල බලය විනාශ කිරීමට ගත් පෘථුල උත්සාහය කොතරම් ප්‍රබල වීද යත් රජරටින් බලයට පත් වු සෑම සිංහල රාජ්යවංශක්ම පැවතුනේ ප්‍රධාන වශයෙන් දිවයිනේ දකුණු දිශාවේය.