එය හරහා ධ්‍රැවිත විදුලි උපකරණයක් තුලින් ඉවතට විද්‍යුත් ධාරාව ගමන් කරවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් කැතෝඩයක් නම් වෙයි. සම්මතය ප්‍රකාර, විද්‍යුත් ධාරාවෙහි දිශාව, ඉලෙක්ට්‍රෝන ගැලීමේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙයි —එනයින්, කැතෝඩ ඉලෙක්ට්‍රෝඩය වෙතට ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවට සැලකෙන අතර ධාරාව එය වෙතින් ඉවතට ගලයි. සමහරවිට මෙම සම්මතය ධාරණය කර ගැනුම සඳහා, “කැතෝඩ ධාරාව ඉවතට ගලයි” යන අර්ථය ඉංග්‍රීසි බසින් දෙන cathode current departs හෙවත් “කැතෝඩ් කරන්ට් ඩිපාට්ස්” යන්නෙහි ඉංග්‍රීසි මුලකුරු තුලින් සැදි CCD යන ස්මෘති උපක්‍රමයක් පොදු වහරෙහි භාවිතයෙහි පවතියි.

Thumb
ගැල්වානි කෝෂයක (නිද., බැටරියක්) තඹ කැතෝඩයක රූපසටහනක්. කැතෝඩයෙන් ඉවතට i නම් ධන ධාරාවක් ගලයි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.