කැළණිය විශ්වවිද්‍යාලය
From Wikipedia, the free encyclopedia
කැලණිය විශ්වවිද්‍යාලය , ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියයි . වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 4 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3087 ස්ථානය හිමිකරගෙන තිබෙයි. [1]
UoK Logo | |
ආදර්ශ පාඨය | පඤ්ඤාය පරිසුජ්ඣති (ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න) |
---|---|
පිහිටුවන ලද්දේ | 1959 (ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස) |
කුලපති | පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ |
උපකුලපති | මහාචාර්ය නිලන්ති ද සිල්වා |
පිහිටීම | කැලණිය, ශ්‍රී ලංකාව ![]() |
අධ්‍යයන මණ්ඩප | දළුගම ප්‍රධාන පරිශ්‍රය සහ රාගම |