කේජු
From Wikipedia, the free encyclopedia
කේජු යනු කිරි-පදනම් කොට සාදනු ලබන විභින්න ආහාර නිෂ්පාදන මාලාවක් සඳහා භාවිතා කරනු ලබන වර්ගීය නමකි. විවිධ පරාසයක පවතින රසයන්ගෙන්, වියුමන්ගෙන් හා ආකාරයන්ගෙන් කේජු නිෂ්පාදනය කෙරෙයි.
චීස් හෙවත් කේජු එළකිරි එළුකිරි බැටළු කිරි හෝ වෙනත් ක්ෂීරපායී සතකුගෙන් දොවාගත් කිරි ඇසුරෙන් සාදාගනු ලබන ආහාරයකි. මෙම කිරි ජීවානුහරණය කිරීමෙන් පසු ඒතුල බැක්ටීරියාවක් වැඩෙන්නට සලස්වයි. එමගින් නිපදවන එන්සයිම මගින් කිරි කැටිගැසීමකට ලක්වේ."[1] බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පදම්වන කිරිවලට රසකාරක එක්කරයි.
ලෝකය පුරා විවිධ වර්ගයේ චීස් වර්ග සියයකට අධික ප්‍රමාණයක් පවතී. විවිධ ක්ෂීරපායි සතුන්ගේ කිරියොදාගෙන නිපදවූ විවිධ වර්ණ හා රසයන්ගෙන් යත් කේජු ලොවපුරා දක්නට ඇත.කේජු හෙත් චීස් විවිධ රසයන්ගෙන් යුක්තවීම සදහා කිරිලපාගත් ක්ෂීරපායි සත්වයා හා උගේ ආහාර රටාවද බලපානු ලබයි.චීස් හෙවත් කේජු බොහෝවිට සුදු කහ සහ රතු වර්ණයෙන් දක්නට ලැබෙයි. .
ඇතැම් චීස් මිදවීම සදහා උපකාරකයක් ලෙස ඇතැම් අම්ල වර්ග යොදනු ලබයි.උදාහරණ ලෙස විනාකිරි දෙහි යුෂ දැක්විය හැක.කිරි මිදීමෙදී කිරිවල පවතින සීනි සාන්ද්‍රණය මත බැකිටීරියා ක්‍රියාත්මකවීම නිසා ලැක්ටික් අම්ලය නිපදවේ.බැක්ටීරියා ලැක්ටික් අම්ලය මත ක්‍රියාකිරීමේ දී විවිධ එන්සයිමයන් නිපදවේ.ඇතැම් විට කාර්මික නිෂ්පාදන වලදී ඇතැම් විය බාහිරින් එන්සයිම යෙදීම සිදුකරයි.කෙසේ වෙතත් වානිජ නිෂ්පාදන වලදී එසේ බාහිඑ එන්සයිම එකතු නොකර සිදුකරන නිෂ්පාදනද පවතී.
චීස් හෙවත් කේජු යනු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි ආහාරයකි.කල්තබා ගැනීමේ හැකියාව අතින්ද ඉහලය.මේදය ප්‍රෝටීන් කැල්සියම් හා පොස්පරස් බහුල පෝෂ්‍ය දායක ආහාරයකි.