From Wikipedia, the free encyclopedia
කේරලයෙහි පතිත රතු වැස්ස සංසිද්ධිය යනු, 2001 ජූලි 25 දින සිට සැප්තැම්බර් 23 දක්වා, දකුණු ඉන්දියාවෙහි, කේරල ප්‍රාන්තයෙහි, රෙදි රෝස පැහැ ගැන්වීම සිදු කරමින්, විකීර්ණ ලෙසින් (විටින් විට) රතු පැහැති ධාරානිපාත වැස්සක් පතිත වීමේ, රතු වැස්ස සිද්ධියකි. [1] කහ, කොළ, සහ කළු වැස්සද වාර්තා වී තිබුණි. [2][3] [4]1896දී පවා කේරලයේ වර්ණවත් වැසි වාර්තාවී, එයින් පසු බොහෝ වතාවක් වාර්තාවී තිබුණු අතර,[5] වඩාත් මෑතදී වාර්තාවී තිබුණේ 2012 ජූනි මාසයේදීය. [6][7]
ආලෝක අන්වීක්ෂ පරික්ෂණයකින් අනතුරුව, මුලින්ම අනුමාන කළේ වැස්ස වර්ණවත් වූයේ කල්පිත උල්කා පිපුරුම් නිසා බව වුවද,[5] ඉන්දියානු රජය විසින් අධිකාරි ලත් අධ්‍යයනයකින් අනතුරුව නිගමනයට එළඹියේ, වැස්ස වර්ණවත් වී ඇත්තේ ප්‍රාදේශීය බහුප්රජ භෞමික ඇල්ගී විශේෂයකින් වාතවාහීවූ බීජාණු නිසා බවයි. [5]
මුලදී අවධානයට පාත්‍ර නොවූ කේරල වර්ණවත් වැසි, 2006 මුල් භාගයේදී පුළුල් අවධානයට ලක්වූයේ, වර්ණවත් අංශූන්, පාරභෞමික සෛල බවට ආන්දෝලනාත්මක තර්කයක්, කෝටයම්හී, මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයෙහි, ගොඩ්ෆ්‍රි ලුවිස් සහ සන්තෝශ් කුමාර් විසින් යෝජනා කර ඇති බව, ජන මාධ්‍ය විසින් වාර්තා කිරීමත් හා සමගය. [3][8] [9] 2012, නොවැම්බර් 15 සිට 2012, දෙසැම්බර් 27 දින දක්වා විටින් විට, ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලින්ද රතු වැසි වාර්තා වී ඇති අතර,[10] එහි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි විද්‍යාඥයින් විසින් ඒවායේ හේතුව නිර්ණය කිරීමට පරික්ෂණ කරමින් සිටිති. [11][12][13]
2001, ජූලි 25 දිනදී, කේරල වර්ණ වැසි පතනය වීම ඇරඹුනේ, ප්‍රාන්තයේ දකුණු කොටසෙහි කෝටයම් සහ ඉඩුක්කී දිස්ත්‍රික්ක වලිනි. කහ, කොළ, සහ කළු වැසිද වාර්තා විය. [2][3][4] ඊළඟ දින දහය තුලදී, රතු වැසි පතනය වීම් තවත් බොහෝමයක් වාර්තාවූ අතර, එම පකනයන්ගේ වාර ගණන සැප්තැම්බර අග වන විට හීනවී ගියේය. [3] ස්වදේශිකයන් පවසන පරිදී, පළමු වර්ණවත් වැස්සට පෙරාතුව ඝෝෂාකාරී හෙණ ගැසීම් හා විදුලි කෙටීම් පැවතුනු අතර, එයින් අනතුරුව වෘක්ෂ ගොමු වලින් රැළිවැටිනු "පිළිස්සුනු" අළු පැහැති කොළ ඇද හැලෙමින් පැවතිනි. රැළිවැටිනු කොළ සහ හදිසියේ අතුරුදහන් වන හා යළි මතුවන ළිං මේ කාලයේදී මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. . [14] [15] [16] එය දර්ශීය වශයෙන්, වර්ග කිලෝමීටර කිහිපයකට වඩා විශාල නොවූ, කුඩා ප්‍රදේශයන් පුරාවට පතනය වූ අතර, සමහරවිට එය කෙතරම් ස්ථානීය වූයේද යත්, රතු වැස්සට මීටරකිහිපයකට ඔබ්බෙන් සාමාන්‍ය වැස්ස පතනය විය. රතු වැසි පතනයන් දර්ශීය වශයෙන් පැවතියේ විනාඩි 20 කට අඩු වේලාවකි. [3] වැසි ජලය එක් එක් මිලි ලීටරයක් තුල රතු අංශූන් මිලියන 9 ක් පමණ අඩංගු වූ අතර, වැසි ජලය එක් එක් ලීටරය තුල දළ වශයෙන්, ඝන ද්‍රව්‍යය මිලි ග්‍රෑම් 100 ක් අඩංගු විය. පතනය වූයේ යැයි ඇස්තමේන්තු ගත කළ මුළු රතු වැසි ප්‍රමාණය මතට මෙම අගයයන් බහිර්නිවේශනය කිරීම තුලින්, කේරලය මත පතිතවූ රතු අංශු ප්‍රමාණය 50,000 කිලෝග්‍රෑම් (110,000 රාත්) යැයි නිමානය කොට ඇත.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.