කොලරාව
From Wikipedia, the free encyclopedia
කොලරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ආන්ත්රික රෝගයකි. මෙය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍රවු පානීය ජලය හා ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය මගිනි. කොලරා බැක්ටීරියා සංචිත කොට තබා ගන්නා ප්‍රධාන ස්ථානයක් වන්නේ මිනිස් සිරුර යි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් වන බැක්ටීරියාවන් ජලාශ්‍රිත පරිසර වලද දක්නට ලැබේ. Vibrio cholerae බැක්ටීරියාව ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන ග්‍රෑම් සෘණ බැක්ටීරියාවකි. මෙමගින් නිශ්පාදනය වන විෂ ද්‍රව්‍ය ආන්ත්රික විෂ වර්ගයට අයත්ය. මෙය කුඩා අන්ත්‍රයේ අපිච්චාද පටක මත ක්‍රියාත්මක වී පාචන තත්වය ඇති කරයි. රෝගයේ උච්චතම අවස්ථාවන් වලදී කොලරාව මගින් ඉක්මනින් මරණයත් ළඟා කරදිය හැකිය. නිසි කළට ප්‍රතිකාර නොලැබුණ හොත් රෝග ලක්ෂණයන් ඇතිවී පැයකින් අවරුධිර පීඩනය ඇතිවීමටත් පැය තුනක් ඇතුළතදී මරණය පවා ඇතිවීමටත් පුළුවන. විජලනය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ක්‍රම නොලැබුණ හොත් රෝගය පාචන තත්වයේ සිට කම්පන අවස්ථාවක් දක්වා පැය 4 සිට 12 ක් වු කාලය අතරතුරදී සහ පැය 18 සිට දින කිහිපයක් අතරතුරදී මරණය පවා ළඟා විය හැකිය.
මෙම ලිපිය වනාහි Cholera ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |