ගම්පහ
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ගම්පහ නගරය පිලිබඳ වේ. දිස්ත්‍රික්කය සඳහා, ගම්පහ දිස්ත්‍රික්කය බලන්න.
ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 38ක් වන අතර සම්පූර්ණ නාගරික ජනගහණය ( 2011දි ) 9,900 ක් විය.
Quick Facts ගම්පහ Gampaha, රට ...
ගම්පහ Gampaha | |
---|---|
නගරය | |
නගර මධ්‍යයේ පිහිටුවා තිබූ පැරණි වොලිබෝල් ස්මාරකය. | |
රට | ![]() |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• නගරාධිපති | එරංග සේනානායක |
ජනගහණය(2011[1]) | |
• මුළු | 9,900 |
වේලා කලාප | SLST (UTC+5:30) |
තැපැල් කේතය | 11000 |
දුරකථන කේතය(න්) | 033 |
Close
ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේද ගම්පහට ලගා විය හැක. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි.