ග්යොංචොන්සා ස්තූපය
From Wikipedia, the free encyclopedia
ග්යොංචොන්සා ස්තූපය යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ අං. 82වන ජාතික වස්තුවයි. 1962 දෙසැම්බර් 20 දින දකුණු කොරියානු රජය විසින් එය ජාතික වස්තුවක් ලෙස නම් කරන ලදී. [1]
ග්යොංචොන්සා ස්තූපය | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 경천사십층석탑 |
හන්ජා | 敬天寺十\plain層石塔 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongcheonsa sipcheung seoktap |
මැකූන්–රයිෂවර් | Kyŏngch'ŏnsa sipch'ŭng sŏkt'ap |
ස්තූපයේ පළමු මහලේ ඇති ශිලා ලේඛනයෙහි සඳහන් වන්නේ මෙම ස්තූපය ඉදිකරන ලද්දේ 1348දී, එනම් ගොර්යෝහි චුංමොක් රජුගේ සිව්වන වර්ෂයේ බවයි. මෙම ස්තූපය මුලින් පිහිටුවා තිබුණේ වර්තමාන ග්යොංගි-දෝ පළාතේ ගේපුං-ගුන්හි, ග්වංදොක්-මියොන් ප්‍රදේශයේ බුසෝ කන්ද පාමුල පිහිටා තිබූ ග්යොංචොන්සා විහාරයේ ය. නමුත් මෙම විහාරය වර්තමානයේ දක්නට නොලැබේ. ජපානය විසින් කොරියාව යටත් කරගෙන තිබූ සමයේ මෙම ස්තූපය ජපානය වෙත රැගෙන යන ලදී. නමුත් 1960දී එය නැවත කොරියාව වෙත රැගෙන ආ අතර, ග්යොංබොක්ගුං මාලිග භූමියේ එය ස්ථාපනය කරන ලදී. වර්තමානය වන විට, ස්තූපය කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවලින් එකක තැන්පත් කොට ප්‍රදර්ශනයට තබා ඇත.