From Wikipedia, the free encyclopedia
ගාලු මුවදොර යනු ශ්‍රී ලංකාවේ, කොළඹ අග නගරයේ පිහිටි මූදු වෙරළ සමග බැදුනු සක්මන් කිරීම සඳහා තැනූ කිලෝ මීටර් භාගයක් පමණ දික් වූ බිම් තීරුවකි. 1859 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි වෝඩ් විසින් මෙම බිම් තීරය, අශ්වයන් පැදීම හා ගෝල්ෆ් ගැසීම සඳහා තනන ලදී. වර්ථමාන භූමි ප්‍රමානයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් එකල මෙහි තිබූ බව පැවසේ. එකල මෙය හඳුන්වන ලද්දේ කල්පිටි තුරඟ ධාවන පිටිය ලෙසයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.(සැප්තැම්බර් 2014) |
වර්තමාන ගාලු මුවදොර පිටිය හෙක්ට්යාර 5 පමණ බිම් ප්‍රමාණයකින් යුක්ත වන අතර එය ඉන්දියන් සාගරය හා ගාලු මාර්ගය අතරමැද පිහිටා ඇත. මෙය අද කොළඹ නගරය තුල දක්නට ලැබෙන විශාලම හිස් බිම් තීරුවයි. දරුවන්, සරුන්ගල් යවන්නන්, යෞවනයන්, ආදරවන්තයන් හා වෙළෙන්දන් අතර ගාලු මුවදොර අතිශය ජනප්‍රිය ය. සෙනසුරාදා හා ඉරිදා හවස් වරුවේ, ගාලු මුවදොර සංචාරකයින්ගෙන් හා වෙළෙන්දන්ගෙන් පිරී ඉතිරී යයි. ගාලු මුවදොර බිම් තීරය සමග සිලෝන් ඉන්ටර් කොන්ටිනල් හා ගාලු මුවදොර යන හෝටල් ද්විත්වයද පිහිටා ඇත.
1950 සහ 1960 අතර කාලයේ දකුණු ආසියාව තුල පැරණිම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සිය බොහොමයක් කටයුතු මෙහි සිට සිදු කල බව පැවසේ.
වර්ථමාන ගාලු මුවදොර පිටිය ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටතේ නඩත්තු වෙයි.වර්තමාන අරගල භූමියකි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.