ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය
නවීන සිතියම් විදයාත්මක ක්‍රම ශිල්පයකි - GPS / From Wikipedia, the free encyclopedia
ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය (GPS ජීපීඑස්) යනු, ජීපීඑස් චන්ද්‍රිකා සතරක් හෝ වැඩි ගණනක් වෙත අනවරෝධිත දෘෂ්ටි රේඛා දර්ශනය සහිත, පෘථිවිය මත හෝ අසබඩ හෝ පිහිටි ඔනෑම තැනකදී, සියළු කාලගුණ තත්ත්වයන්හිදී පිහිටුම් සහ වේලා තොරතුරු සපයන, අභ්‍යාවකාශ-පදනම් කොට ගත් චන්ද්‍රිකා මං සෙවුම් පද්ධතියකි. [1] මෙම පද්ධතිය විසින්, ලොව වටා සන්නද්ධ හමුදා, සිවිල් සහ වාණිජ පරිශීලකයන් හට ඉතා වැදගත් හැකියාවන් ලඟා කර දෙයි. එය පවත්වාගෙන යනු ලබන්නේ, එක්සත් ජනපද රජය විසින් වන අතර ජීපීඑස් රිසීවරයක් සතු ඔනෑම අයෙකුට නිදහසේ එය වෙත පිවිසිය හැකිය.
මින් පෙර පැවති මං සෙවුම් පද්ධතීන්ගේ සීමයනයන් අභිබවායෑමට 1973 වසරෙහිදී ජීපීඑස් ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කෙරුණේ,[2] 1960 ගණන් වල රහස්‍ය ඉංජිනේරුමය සැලසුම් අධ්‍යයනයන් කිහිපයක්ද ඇතුළුව, පුර්වප්රාප්තිකයන් කිහිප දෙනෙකුගේ අදහස් සංකලනය කරමිනි .