ජන්ග්කුක්
දකුනු කොරියානු ගායකයෙක් / From Wikipedia, the free encyclopedia
ජොන් ජොං-ගුක් (හංගුල්: 전정국; උපත සැප්තැම්බර් 1, 1997), ජන්ග්කුක් ලෙසින් හඳුන්වනු ලබන ('ජන්ග් කුක්' ලෙස ශෛලීගත කර ඇති), ඔහු දකුණු කොරියානු ගායකයෙකි. ඔහු දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTS හි ලාබාලතම සාමාජිකයා වේ.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
ජන්ග්කුක් | |
---|---|
![]() 2022 මැයි මාසයේදී ජන්ග්කුක් | |
උපත | ජොන් ජොං-ගුක් සැප්තැම්බර් 1, 1997 (1997-09-01) (වයස 26) බූසාන්, දකුණු කොරියාව |
අධ්‍යාපනය | සෝල් ප්‍රසංග කලා පාසල ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලය |
රැකියාව | ගායකයෙක් |
සම්මාන | හ්වාග්වාන් සංස්කෘතික කුසලතා (2018) |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද |
|
වාද්‍ය භාණ්ඩ | ගායන |
සක්‍රීය වර්ෂ | 2013–වර්තමානය |
ලේබල | බිග්හිට් |
කොරියානු නම | |
හංගුල් | 전정국 |
හන්ජා | 田柾國 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeon Jeong-guk |
මැකූන්–රයිෂවර් | Chŏn Jŏngguk |
අත්සන | |
![]() |
ඔහු BTS හි ගීත නාමාවලියේ කොටසක් ලෙස— 2016 දී "Begin", 2018 දී "Euphoria", සහ 2020 දී "My Time" යන ඒකල ගීත තුන ඉදිරිපත් කර ඇත —මේ සියල්ල දකුණු කොරියාවේ Gaon Digital Chart ගීත දර්ශකයට එක් විය. ඔහු BTS පාදක කරගත් වෙබ්ටූනක් වන 7Fates: Chakho සඳහා "Stay Alive" තේමා ගීතයද පටිගත කළේය. 2022 දී, ජන්ග්කුක් ඇමරිකානු ගායක Charlie Puthගේ "Left and Right" ගීතයට ගායනයෙන්ත එක් වූ අතර, එය එක්සත් ජනපද Billboard Hot 100 ගීත දර්ශකයේ 22 වන ස්ථානයට පත්විය. එම වසරේ අගභාගයේදී, ඔහු FIFA World Cup හි තේමා ගීතයක් වූ "Dreamers" ගායනා කරමින් සහ 2022 FIFA World Cup ලෝක කුසලානයේ සමාරම්භක උත්සවයේදී එය සජීවීව ඉදිරිපත් කරමින්, ලෝක කුසලානයක් සඳහා නිල ගීතයක් නිකුත් කළ පළමු දකුණු කොරියානු කලාකරුවා බවට පත්විය.
2023 දී, ජන්ග්කුක්, ස්වාධීන ගායකයෙක් ලෙස ඔහුගේ පළමු ඒකල ගීතය "Seven" නිකුත් කරන ලද අතර, එය බොහෝ ගීත දර්ශක වලට ඇතුලත් වූ අතර සහ ප්‍රවාහ වාර්තා බිඳ දැමීය. එය Billboard Hot 100, Global 200, සහ Global Excl. U.S. ගීත දර්ශක වල අංක එකේ ස්ථානයට පත් වූයේ එසේ කළ පළමු කොරියානු ඒකල කලාකරුවා බවට පත් වෙමිනි. එමෙන්ම Spotify හි ප්‍රවාහ බිලියන 1ක් ඉක්මවා ගිය ඉතිහාසයේ වේගවත්ම ගීතය බවට ද ඔහුගේ ගීතය පත්විය. ඔහුගේ ඊලඟ ගීතය "3D", Hot 100 සහ UK Singles Chart යන ගීත දර්ශක දෙකෙහිම 5 වන ස්ථානයට පත් වූ අතර, පිට පිටම ඉහළම ප්රවේශයන් දෙකක් ලබා ගත් පළමු දකුණු කොරියානු ඒකල කලාකරුවා බවට ජන්ග්කුක් පත් විය.