From Wikipedia, the free encyclopedia
ජර්මනිය විසින් පෝලන්ත ජාතිකයන් නෙරපාහැරීම යනු, ප්රචණ්ඩත්වය සහ භීතිය-දනවන ක්‍රමවේද භාවිතයෙන් අඩ සියවසක පමණ දිගු කලක් තුල පැවති වාර්ගික විශුද්ධිකරණ පෝලන්ත-විරෝධී මෙහෙයුමකි. 19වන සියවසෙහි මුල් භාගයෙහි ප්‍රවර්ධනය කෙරුණු සාර්ව-ජර්මානුවාද සංකල්පය හා සමගින් ඇරඹුනු මෙය, ආර්ය වර්ගයෙහි උත්තරීතරත්වය නිර්ධාරණය කළ නාසි ජර්මනියෙහි වාර්ගික ප්‍රතිපත්තිය වෙතින් උච්චස්ථානයට පත්විය. ජර්මනිය විසින් පෝලන්ත ජාතිකයන් නෙරපාහැරීම, ප්රසාරණික ජාතිකවාදී ඓතිහාසික අදහස් තුලින් ජනිත විය. අනුයාත ජර්මානු රජයන් විසින් විවිධ මට්ටම්වලින් සහ විවිධ අදියරවලින් එය ක්‍රියාත්මක කර ඇත. 1945 වසරෙහිදී නාසි ජර්මනිය පරාජයවීම හා සමගින් එය අවසන් විය. [3]
කාල පරාසය | පෝලන්තයෙහි බෙදුම්,[1] දෙවන ලෝක යුද්ධය |
---|---|
ස්ථානය | ජර්මානු-පාලිත භූමි ප්‍රදේශ |
වර්ගය | වාර්ගික විශුද්ධිකරණය |
හේතුව | ලේබන්ස්රෝම්, පෝලන්ත-විරෝධී මනෝභාවය |
අනුගාහක(යන්) | මහා ෆ්රෙඩ්රික්, ඔටෝ වොන් බිස්මාර්ක්, ඇඩොල්ෆ් හිට්ලර් |
ප්‍රතිඵලය | පෝලන්ත ජාතිකයන් 325,000 නෙරපාහැරීම.[2] |
පෝලන්තය බෙදා වෙන් කිරීම හේතුවෙන් 18වන සියවසෙහිදී ස්වෛරී පෝලන්ත රාජ්‍යයක පැවැතීම අහෝසි විය. 19වන සියවසෙහි මැද භාගය සමගම ජර්මානු ජාතිකවාදයෙහි නැගීමත් සමගම, පූර්ව පෝලන්ත භූමීන් තුල වැඩිවන වෙනස්කම් කිරීම් වලට පෝලන්ත ජාතිකයෝ ගොදුරු වූහ. ජර්මානු අධිරාජ්‍යය විසින් පාලනය කරනු ලැබූ භූමිප්‍රදේශ වෙතින් පෝලන්ත ජාතිකයන් 30,000 පිටුවහල්කිරීම ලෙසින් සමූහ පිටුවහල්කිරීමක් පළමුවෙන් සිදුවූයේ 1885 වසරෙහිදීය. 19 වන සියවසෙහි ජර්මානු දේශපාලන කතිකාව තුල, පෝලන්ත ජාතිකයන් නෙරපාහැරීමෙහි අදහස ගැබ්වී තිබුණද, මෙම අදහස මුහුකුරාගොස් ජායමාන සැලසුම් ජර්මානු දේශපාලනඥයන් විසින් අධවාචනය කිරීම දක්නට ලැබුනේ පළමුවන ලෝක යුද්ධය අතරතුරදී වූ අතර, එහිදී ඉල්ලා සිටිනු ලැබුනේ බෙදිම් තුලදී මුලින් රුසියානු අධිරාජ්‍යය විසින් සහ අනතුරුව ජර්මනිය විසින් ඈඳාගනුලැබූ පෝලන්ත භූමි ප්‍රදේශ තුලින් පෝලන්ත ජනගහණය ඉවත් කිරීමය. [4] 1939 වසරෙහි පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර සහ පසුව නාසිවරුන් මෙම අදහස් වලින් උපරිම ප්‍රයෝජන ගත්තේ ඔවුන්ගේ ලේබන්ස්රෝම් නම්වූ භෞමික ප්‍රහරණ සංකල්පය නිර්මාණය කිරීමෙහිදීය.[4] අධිවාසිත සහ නාසි ජර්මනිය වෙතට විධිමත් ලෙසින් ඈඳාගනුලැබූ පෝලන්ත ප්‍රදේශයන්හී මහා පරිමාණ පෝලන්ත ජාතිකයන් නෙරපාහැරීම දෙවන ලෝක යුද්ධය අතරතුර සිදුවූයේ, නාසි ජර්මනිය විසින් ජෙනරාල්ප්ලාන් ඔස්ට් මෙහෙයුම නම් වාර්ගික විශුද්ධිකරණය ඇරඹූ විටය. යුද්ධයෙහි නැමියාවන් නිසා ජෙනරාල්ප්ලාන් ඔස්ට් මෙහෙයුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට නාසිවරුන්ට නොහැකි වුවත්, යුද්ධකාල නෙරපාහැරීම් නිසා මිලියන 2 ක් තරම් පෝලන්ත ජාතිකයන් අගතියට පත්වූ අතර, තවත් මිලියනයක් අවතැන් හෝ ඝාතනයට ලක්වූ හෝ වූහ.
1871 වසරෙහිදී එය නිර්මාණය කිරීමෙන් පසුව, ජර්මානු අධිරාජ්‍යය තුල පෝලන්ත ජාතිකයෝ විශාලතම සුළුතරය දැරූහ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.