ජවන සහ පිටිය ක්‍රීඩා
From Wikipedia, the free encyclopedia
ජවන සහ පිටිය යනු දිවීම, පැනීම, සහ වීසිකිරීම මත පදනම්වූ බොහෝ තරගකාරී මලල ක්‍රීඩා තරගවලින් සමන්විත ක්‍රීඩාවකි. ක්‍රීඩාවෙහි නම බිඳී ඇත්තේ තරග පැවැත්වෙන ස්ථානය අනුව යමිනි: තණ පිටියක් වටා පිහිටි අණ්ඩාකාර ජවන පථයකින් සමන්විත ක්‍රීඩාංගනයක් එයට භාවිතා වන නිසාවෙනි. විසිකිරීමෙහි සහ පැනීමෙහි ඉසව් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මධ්‍යයෙහි පිහිටි වට කල සරියක වෙයි.
අපනාමය(න්) | ජවන ක්‍රීඩා |
---|---|
ගුණාංග | |
කණ්ඩායම් සාමාජිකයෝ | ඔව් |
මිශ්‍ර ලිංග | නැත |
වර්ගීකරණය | ක්‍රීඩා |
පැවතීම | |
ඔලිම්පික් | ඔව් |
ජවන සහ පිටිය ගැනෙනුයේ මලල ක්‍රීඩා යන ඡත්‍ර ක්‍රීඩාව යටතෙහිය—(මෙයට මහ මග දිවීම, රට-හරහා දිවීම, සහ ඇවිදීමේ තරග ද අඩංගු වෙයි). ජාත්‍යන්තර ජවන සහ පිටිය තරගාවලීන් අතුරින් වඩාත් සම්මානනීය තරගාවලීන් දෙක පැවැත්වෙන්නේ මලල ක්‍රීඩා පතාකය යටතෙහිය: ඔලිම්පික් ක්‍රීඩා තරගයන්හී මලල ක්‍රීඩා තරගාවලිය සහ මලල ක්‍රීඩා සඳහා IAAF ලෝක ශූරතාවලිය මේවා වෙති. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ජවන සහ පිටිය සඳහා ජාත්‍යන්තර පාලන මණ්ඩලය වෙයි.
ජවන සහ පිටිය ඉසව්, සාමාන්‍යයෙන් කේවල ක්‍රීඩා ගණයට ගැනෙන අතර මලල ක්‍රීඩකයින් එකිනෙකා පරයන්නේ තනි ජයග්‍රාහකයෙක් තෝරා ගැනුමටය. දිවීමේ ඉසව් ජයග්‍රහණය කරන්නේ වේගවත්ම කාලය සනිටුහන් කරන මලල ක්‍රීඩකයා විසින් වන අතර, පැනීමේ හා විසි කිරීමේ ඉසව් ජයග්‍රහණය කරනුයේ තරගයේදී වැඩිම දුර හෝ උස හෝ සාක්ෂාත් කර ගන්නා මලල ක්‍රීඩකයා විසිනි. කෙටි දුර, මැදි දුර සහ දිගු-දුර ඉසව්, කඩින් කඩ දිවීම්, සහ කඩුලු පැනීම් ලෙසින් දිවීම් ඉසව් වර්ගීකරණය කෙරෙයි. ක්‍රමවත් පැනීම් ඉසව් සඳහා අයත් වන්නේ දුර පැනීම, තුන් පිම්ම පැනීම, උස පැනීම සහ රිටි පැනීම වන අතර, වඩාත් පොදු විසිකිරීමේ ඉසව් වන්නේ යගුලිය, හෙල්ල, කවපෙත්ත සහ මිටිය යන ඒවා වෙති. සප්තප්‍රයාම සහ දසප්‍රයාම වැනි "ඒකාබද්ධ ඉසව්" ද පවතින අතර, ඒවායේදී මලල ක්‍රීඩකයෝ ඉහත ඉසව් ගණනාවක් සඳහා තරග වදිති.
විශේෂී ඉසව් හී විශිෂ්ට කාර්ය සාධනය පිළිබඳ වාර්තා, ලෝක සහ ජාතික මට්ටමින් පවත්වාගනු ලබනුයේ, පුද්ගල මට්ටම දක්වාය. කෙසේවෙතත්, ඉසව්වෙහි නීති හෝ විධිනියම හෝ මලල ක්‍රීඩකයන් විසින් උල්ලංඝනය කලේ යැයි සැලකුණොත්, ඔවුන් තරගාවලියෙන් අයෝග්‍ය බවට සලකා ඉවත් කෙරෙන අතර ඔවුන් ලැබූ ලකුණු මකා දැමෙයි.