ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
From Wikipedia, the free encyclopedia
ජෝශප් වාස් විද්‍යාලය (ජාතික පාසල) ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති පාසලකි. ක්‍රි.ව. 1935 ජනවාරි මස ආරම්භ කරන ලද මෙම පාසල වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල ඇති ප්‍රධාන පාසලකි. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අතර ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයයි. මෙහි වර්තමාන ශිෂ්‍යයන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇති අතර ගුරුවරු 143 කින් සැදුම් ලත් කාර්ය මණ්ඩලයකි. ජෝශප් වාස් විදුහලෙන් උගත් සිසුන් විශාල පිරිසක් පසුව උපාධි ලබාගෙන ඇත. විශිෂ්ටතා පලකල බොහෝ වියතුන් මෙයින් සිප් සතර හදාරා ඇත. සමාජයේ නිලතල හොබවන බොහෝ ආදී සිසුන් ජෝශප් වාස් විදුහල සතුය.
Quick Facts ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව, Location ...
ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°55′30″N 79°52′09″E |
තොරතුරු | |
වර්ගය | රජයට පවරාදුන් පාසලකි |
ආදර්ශ පාඨය | Domino Pro Patria (ලතින් භාෂා පාඨයකි) අදහස:"සියළු බලැති දෙවිමහෝත්තමයාණන්ට හා මාතෘභූමියට එකසේ සේවය කරන්න" |
ආරම්භ කලේ | 1935 |
විදුහල්පති | ගරු ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා |
කාර්ය මණ්ඩලය | 143 |
බාලක/බාලිකා | පිරිමි |
Age | 6 to 19 |
Enrollment | 3299 |
වර්ණ(ය) | නිල් සහ රන් |
Publication | |
අනුබැඳිය | රෝමානු කතෝලික |
වෙබ් අඩවිය | www.josephvazcollege.com |
Close