From Wikipedia, the free encyclopedia
ජොං ජෝ රජු (1752 ඔක්තෝම්බර් 28 - 1800 අගෝස්තු 18) කොරියාවේ ජෝසුන් රාජ වංශයේ 22වන පාලකයා (රාජ. 1776-1800) වේ. එතුමා විසින් කොරියානු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට හා දියුණු කිරීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී. මෙතුමාට පෙර මෙතුමන්ගේ මුත්තණුවන් වූ යොංජෝ රජු (රාජ. 1724-1776) විසිනුත් මෙතුමාට පසුව මෙතුමන්ගේ පුත්‍ර සුන්ජෝ රජු (රාජ. 1800-1834) විසිනුත් පාලනය ගෙන යන ලදී.
ජොංජෝ | |
---|---|
ජෝසුන් රාජවංශයේ රජ | |
රාජ්‍ය සමය | 1776 අප්‍රේල් 27 – 1800 අගෝස්තු 18 |
පූර්වප්‍රාප්තිකයා | ජෝසුන්හි යොංජෝ රජ |
අනුප්‍රාප්තිකයා | ජෝසුන්හි සුන්ජෝ රජ |
උපත | 28 ඔක්තෝබර් 1752 චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය |
මරණය | 18 August 1800 47) චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය | (වයස
භූමදානය | ගෝල්ල්යොං, හ්වාංසොං. ග්යොංගි |
වල්ලභයා | හ්යෝයී අගබිසව, රාජකීය වංශවත් වොන් බිසව,උපබිසවකි රාජකීය වංශවත් හ්වා බිසව,උප බිසවකි රාජකීය වංශවත් ඊ බිසව, උපබිසවකි රාජකීය වංශවත් සු බිසව, උප බිසවකි |
දරුවන් | කිරුළහිමි මුන්හ්යෝ කුමරු, ජෝසුන්හි සුන්ජෝ රජ |
වංශය | යි ගෘහය |
පියා | කිරුළහිමි සදෝ කුමරු |
මව | හ්යේග්යොං ආර්යාව |
ජෝසුන්හි ජොංජෝ රජ | |
හංගුල් | 정조 |
---|---|
හන්ජා | 正祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeongjo (ජොංජෝ) |
මැකූන්–රයිෂවර් | Chŏngjo (චොංජෝ) |
උපන් නාමය | |
හංගුල් | 이산 |
හන්ජා | 李祘 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ සන් |
මැකූන්–රයිෂවර් | යි සන් |
ඇතැමුන්ට අනුව ජොංජෝ යනු ජෝසුන් රාජ වංශයේ සිටි සාර්ථක හා දූර දර්ශී පාලකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම ඔහුව අධිතක්සේරුවට ලක් කළ බව ද සඳහන් වේ. එසේම මෙතුමාගේ කාලයේ ජේජු දූපතේ සිටි ගිම් මන් දොක් නම් ව්‍යාපාරික කාන්තාවක් ගැනත් තොරතුරු සදහන් වී ඇත.
යි සන් ලෙස ඉපදුණු ඔහු කිරුළහිමි සදෝ කුමරු (සිය පියා වූ යොංජෝ රජු විසින් මැ මරණීය දණ්ඩනයට පමුණුවනු ලැබිණි) හා හ්යේග්යොං කුමරියගේ (හ්යේග්යොං ආර්ය්යාවගේ මතක සටහන් නමින් තමාගේ හා තම අවාසනාවන්ත කිරුළහිමි කුමරු ගැන සඳහන් කරමින් ස්වයංචරිතාපදානයක් ලියූ) පුත්‍රයා වේ. හ්යේග්යොං ආර්ය්යාවගේ මතක සටහන් යනු යොංජෝ රජුගේ (ඇගේ මාමණ්ඩිය), ජොංජෝ රජුගේ (ඇගේ පුත්‍රයා) සහ සුන්ජෝ රජුගේ (ඇගේ මුණුපුරා) රාජ්‍ය පාලන සමයන්හි සිදු වූ දේශපාලන සංසිද්ධි පිළිබඳ ඓතිහාසික තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයකි.
ඔහු කිරුළ හිමි කුමරුව සිටිය දී ඔහුට හොං ගුක්-යොං[1] (홍국영, 洪國榮) නම් විප්ලවකාරී දේශපාලකයාව හමු විණි. මුල ඔහු දී ජොංජෝගේ සිංහාසනාරූඪයට සහ රජුගේ බලය වර්ධනය කිරීමට දැඩි පරිශ්‍රමයක් ගත්ත ද ඔහුගේ බල ලෝභීත්වය නිසා ඔහුව පිටුවහල් කරනු ලැබිණි.
ජොංජෝ රජු තම පාලන කාලයෙන් වැඩි කොටසක් වැය කළේ තම පියාගේ නාමය පාරිශුද්ධ කිරීමට වෙහෙසෙමිනි. එමෙන්ම, ඔහු රාජ සභාව තම පියාගේ සොහොනට ආසන්නව පිහිටි සූවොන් වෙත ගෙන ගියේ යැ. ඔහු විසින් එහි තම පියාගේ සොහොන් ගැබ ආරක්ෂා කිරීමට හ්වාංසොං මහා බලකොටුව ඉදි කරවන ලදී. එය වර්තමානයේ දී UNESCO ලෝක උරුම ස්ථානයකි.
ජොංජෝ රාජ්‍ය සමයට පෙර යුගය ඔහුගේ පියාවූ සදෝ කුමරුන්ව තමන්ගේ ම මුත්තණුවන් වූ යොංජෝ රජු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් මරණයට පමුණුවනු ලැබීම නිසා යම් කැළඹිළි සහිත බවක් පෙන්වී යැ. එම මරණීය දණ්ඩනය සඳහා පුළුල් බලපෑමක් කරන ලද්දේ කිරුළහිමි කුමරුට එරෙහි වූ දේශපාලකයන් විසිනි. යොංජෝ රජුගේ මරණයෙන් පසු යි සන් කුමරු ජොංජෝ ලෙස කිරුළු පළන් දිනයේ දී ඔහු රාජාසන මණ්ඩපයෙහි වූ සිහසුන මත හිඳ ගෙන සියළු දෙනා දෙස බලා “මම දිවංගත කිරුළහිමි සදෝ කුමරුන්ගේ පුත්‍රයා වෙමි...” යි ප්‍රකාශ කළේ යැ.[තහවුරු කර නොමැත] මෙම දෘඪ ප්රකාශනයෙන් තම පියාගේ මරණයට සම්බන්ධ වූ සියළුම දේශපාලකයෝ බියෙන් තැති ගත් හ.[තහවුරු කර නොමැත]
සිංහාසනාරූඪයත් සමඟම ඔහු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් තම පියාණන් පෙර සිටි රජතුමා යැයි සලකමින් මෑණියන් වන හ්යේග්යොං කුමරියව මව්බිසව තනතුරෙහි පිහිටුවන ලදී. මෙලෙස කිරුළහිමි සදෝ කුමරුගේ වැන්දඹුව ලෙස ඇය මව්බිසව බවට පත් විය. එතැන් පටන් ජොංජෝ රජතුමා විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ දුන් අතර ඒ සියල්ල හොං ගුක්-යොං සමඟ එක්ව මැඩ පවත්වන ලදී.[1]
ජොංජෝ රජතුමා ජෝසුන් රාජ වංශ සමය තුළ නව පුනරුදයකට නායකත්වය දුන්නේ ය. එහෙත් පෙර සිටි යොංජෝ රජුගේ ප්‍රතිපත්තිය වූ තංප්යොං නීතිය අඛණ්ඩව ගෙන යමින් එම පුනරුදය මුල දී නවතන ලදී. ජාතියේ අභිවෘද්ධිය පතා ඔහු සමස්ථ රාජ්‍යයේ මැ දේශපාලනය මෙහෙයව්වේ යැ.
මුළු රාජ්‍ය පාලන කාලය පුරා ම ඔහු විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ යැ. ඒ අතුරින් ක්යුජංගක් (규장각) නමින් රාජකීය පුස්තකාලයක් ඇරඹීම කැපී පෙනේ. ක්යුජංගක්වල මූලික අරමුණ වූයේ සංස්කෘතිය, අධ්‍යාපනය හා ජෝසුන්හි දේශපාලන ව්‍යුහය වැඩි දියුණු කිරීම සහ රාජධානිය කර ගෙන යාමට අවශ්‍ය අතිදක්ෂ නිළධාරීන් බඳවා ගැනීම යැ. ජොංජෝ, සමාජ තත්ත්වය නිසා කොන් වී සිටි සියල්ලන්ටම රජයේ තනතුරු ලැබීමේ අවස්ථාව ලබා දීම වැනි ඉතා දැඩි නව සමාජ විපර්යාසයන් වෙනුවෙන් පෙරමුණ ගත්තේ යැ. ජොංජෝට විශාල සිල්හක් විද්වතුන් පිරිසකගේ සහය හිමි වියැ. එම විද්වතුන් අතර මූලිකත්වය ජොං යක්-යොං, යූ ද්‍යොක්-ගොං, පක් ජි-වොන් සහ පාක් ජෙ-ගා යන අය විසින් උසුලන ලදී. මෙතුමාගේ පාලන කාලය තුළ ජෝසුන්හි ජනප්‍රිය සංස්කෘතියේ ද විශාල සංවර්ධනයක් ඇති විය.
ජොංජෝ රජු, ජෝසුන්හි ඔහුගේ කීර්තිමත් දේශපාලන තත්ත්වයට අමතරව ඔහු ඉතා නවීන අදහස් වලින් යුක්ත පුද්ගලයෙකු ලෙස ද කැපී පෙනේ. 1800 දී එනම් වයස අවුරුදු 48 දී, අබිරහස් වටපිටාවක් තුළ ඔහු එක් වරම අභාවප්‍රාප්ත විය. ඔහුට තම ජීවිත කාලය පුරාම බලාපොරොත්තුවෙන් සිටි අරමුණු පවා දැක ගැනීමට නො හැකි විය. එහෙත් පසුව ඔහුගේ පුත්‍රයා වූ සුන්ජෝ විසින් එම අභිලාෂයන් ඉටු කරන ලදී.[2] රජුගේ මෙම අභිරහස් මරණය පිළිබඳව ලියැවුණු පොත් ගණනාවක් ඇතිමුත් එවායේ තිබෙන මරණයට හේතුව අදටත් සමපේක්ෂණයක් (අනුමානයක්) පමණි. ඔහුගේ දේහය හ්වාසොං හි ගොල්ල්යොං (건릉, 健陵) රාජකීය සොහොනෙහි තම භාර්යාව වූ හ්යෝයී අගබිසව භූමදානය කළ ස්ථානය අසළ භූමදානය කරන ලදී.
නූතන චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවල දී ජොංජෝ රජතුමාව නිරූපණය කළ අය අතර:
The masquerade චිත්‍රපටියේ රජු හා සමාන කවටයෙකු පිලිබද පුවත
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.