ටූපැක් ශාකූර්
From Wikipedia, the free encyclopedia
ටූපැක් අමාරු ෂාකූර් (/ˈtuːpɑːk ʃəˈkʊər/ TOO-pahk shə-KOOR-';[1] ජාතක නාමය ලසීන් පැරිෂ් කෘක්ස්; 1971 ජූනි 16 – 1996 සැප්තැම්බර් 13), ටූපැක් 2පැක් මැකියාවේලි සහ මැකාවෙලි, යන වේදිකා නාමයන්ගෙන්ද හැඳින්වූ දිවංගත ඇමරිකානු රැප් සංගීතවේදියෙක් හා නළුවෙකි.[2] 2007 වසර වන විට පමණක්, ෂාකූර්ගේ සංගීත නිර්මාණ ලොවපුරා මිලියන 75ක ප්‍රමාණයක් අලෙවිවී තිබේ.[3] ඔහුගේ ද්විත්ව තැටි ඇල්බම අතර වන ඕල් අයිස් ඔන් මී සහ ග්‍රේටස්ට් හිට්ස් ඇල්බමයන් එක්සත් ජනපදයේ හොඳින්ම-අළෙවිවූ සංගීත ඇල්බම.[4] අතරට ඇතුළත්ය. ඔහු ලොව එදාමෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන්ගෙන් අයෙක් බවට අන්තර්ජාතික සඟරා බොහොමයකින් ශ්‍රේණිගතකොට ලැයිස්තුගත කර ඇත. රෝලින් ස්ටෝන් හි ටූපැක් ෂාකූර් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන් 100 දෙනා අතුරින් 86 වන ස්ථානයට ශ්‍රේණිගත කොට ඇත. [5] ඔහු නිත්‍යවශයෙන් ලොව ශ්‍රේෂ්ඨතම රැප් සංගීතවේදීන්ගෙන් අයෙක් බවට සදාකාලිකව ශ්‍රේණිගත කොට ඇත, එමෙන්ම එදාමෙදාතුර බිහිවූ වඩාත් ආනුභාවසම්පන්න රැප් සංගීතවේදීන් අතරින් එක් අයෙක් වේ.[6]
ටූපැක් ෂාකූර් | |
---|---|
උපත | ලසීන් පැරිෂ් කෘක්ස් ජුනි 16, 1971(1971-06-16) නැගෙනහිර හාර්ලෙම්, නිව් යෝර්ක් |
මියගිය දිනය | September 13, 1996(1996-09-13) (වයස 25) ලාස් වේගාස්, නෙවාඩා |
වෙනත් නම් |
|
සක්‍රීය වසර | 1987–1996 |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | හිප් හොප් |
වෘත්තිය |
|
වාද්‍ය භාණ්ඩ | කට හඬ |
ලේබල |
|
සම්බන්ධිත රඟපෑම් |
|
වෙබ් අඩවිය | 2pac.com |
ෂාකූර් ඔහුගේ වෘත්තිමය දිවිය ආරම්භ කළේ රෝඩී, උපස්ථ නර්තන ශිල්පියෙකු, හා උත්සව අවස්ථා මෙහෙයවන්නෙකු ලෙස ඒකාන්තර හිප් හොප් කණ්ඩායමක් වූ ඩිජිටල් අන්ඩර්ග්‍රවුන්ඩ් හා කටයුතු කිරීමෙනි, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඒකල කලාකරුවෙක් බවට පත්විය.[7][8][9] ෂාකූර්ගේ ගීත බහුතරයක තේමාවන් දෝලනයවූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර නගරවල ජනතාව මුහුණදුන් ප්රචන්ඩත්වය, නැතිබැරිකම් හා වර්ගවාදය ඇතුළු අනෙකුත් සමාජ ගැටළු වටාය. ඔහුගේ මව හා පියා දෙපලමත්, පවුලේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් එක්සත් ජනපදයේ බ්ලැක් පැන්තර් පාර්ටියේ ක්‍රියාකාරී සාමාජිකයින් වූහ, කුඩාකල සිටම ඔවුන්ගෙන් ආභාශය ලැබූ ෂාකුර්ගේ ගීත තුළ මැනවින් එය දැකගත හැකිය. ඔහුගේ වෘත්තිය දිවියේ පසු කාලයේදී, ඊස්ට් කෝස්ට් - වෙස්ට් කෝස්ට් හිප් හොප් ප්‍රතිරෝධයේදී ඔහු සිය හඬ අවදි කරමින් එයට දායක වූයේ වෙනත් රැප් සංගීතවේදීන්, සංගීත නිෂ්පාදකවරුන්, සහ රෙකෝර්ඩ් ලේබල් (වාණිජමය සංගීත සන්නාම ආයතන)වල සාමාජිකයින් හා ගැටෙමිනි. එයින් වඩාත් කැපී පෙනුනේ ද නෝටෝරියස් බී.අයි.ජී. සහ සංගීත සන්නාම ආයතනයක් වන බෑඩ් බෝයි රෙකෝර්ඩ්ස්.[10] සමග වූ කලහයයි.
1996 සැප්තැම්බර් 7 දින, ෂාකූර් ධාවනය වන මෝටර් රථයකින් එල්ල වන මරණීය වෙඩි ප්‍රහාරයකට ලක්වූයේය. ඒ ලාස් වේගාස් හි ෆ්ලැමින්ගෝ පාර හා කෝවල් වීදිය හරහා වැටෙන ලාස් වේගාස්, නෙවාඩා.[11]හීදිය. අනතුරින් පසු දකුණු නෙවාඩා සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කෙරෙන ෂාකූර්, දින හයක් පුරා ප්‍රථිකාර ලබමින් සිට මරණයට පත් විය.[12]