ඇමරිකානු වෘත්තීමය මල්ලවපොර ක්රීඩක From Wikipedia, the free encyclopedia
ජොනතන් "ජෝන්" ගුඩ් (Jonathan "Jon" Good) (උපත 1985 දෙසැම්බර් 7) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම ඩීන් ඇම්බ්රෝස් (Dean Ambrose) වේ. ඩීන් ඇම්බ්රෝස් යන නමින් හා මොහු කලින් භාවිතා කල ජෝන් මෝක්ස්ලි (Jon Moxley) යන නම් වලින් මොහුව වඩාත් හොදින් හදුනයි. WWE ආයතනයේදී ඇම්බ්රෝස් WWE යුනයිටඩ් ස්ටෙට්ස් ශූරයා (WWE United States Champion) බවටද පත් වීමට සමත් විය. එහිදී ඔහු දින 351 එම ශූරතාව තබා ගැනීමට සමත් වූ අතර එය ඉතිහාසයේ තුන්වන දීර්ගතම ශූරතාව තබාගත් කාලය වේ. ඇම්බ්රෝස් චිත්රපට නළුවෙකුද වන අතර ඔහු විසින් පලමුවෙන් රගපෑ චිත්රපටය වන්නේ 2015 දී තිරගත වූ 12 රවුන්ඩ්ස් 3: ලොක්ඩවුන් චිත්රපටයයි.
ඩීන් ඇම්බ්රෝස් | |
---|---|
නම | ජොනතන් ගුඩ්[1] |
උපත | දෙසැම්බර් 7, 1985[2][3] සින්සිනාටි, ඔහියෝ, ඇ.එ.ජ.[1] |
පදිංචිව සිටින නගරය | ලාස් වේගාස්, නෙවාඩා, ඇ.එ.ජ.[1] |
වෘත්තීමය මල්ලවපොර ක්රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | ඩීන් ඇම්බ්රෝස්[1] ජෝන් මෝක්ස්ලි[2][3] මෝක්ස්ලි මොක්ස්[3] |
උස | අඩි 6 අඟල් 4 (මීටර් 1.93)[4] |
බර | රාත්තල් 225 (කිලෝග්රෑම් 102) [4] |
හැදීවැඩුණු නගරය | සින්සිනාටි, ඔහියෝ[4] |
පුහුණුකරුවන් | කෝඩි හෝක්[5] ලෙස් තැචර්[5] |
ආරම්භය | ජූනි 2004[3] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.