ඩොල්ෆින්
From Wikipedia, the free encyclopedia
ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් මහ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සිටී. ඒ ඩොල්ෆින් මත්ස්‍යයාය. ශ්‍රී ලංකාවට අයත් මුහුදේද ඩොල්ෆින් බහුලව දක්නට ලැබේ. මොවුන් බුද්ධියෙන් ඉහල සත්ත්ව කොට්ඨාශය ලෙස සැළකෙයි . මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ.
![Delphinus delphis නම් ඩොල්ෆින් විශේෂය](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Comdolph.jpg/220px-Comdolph.jpg)
ඩොල්පින් ඉතා ඉක්මනින් මිනිසා සමග මිත්‍ර වේ. පුහුණුකරු වැලඳ ගෙන ආදරය දැක්වීමටද මොවුන් ඉතා කැමතිය. මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට ලොකු ඇල්මක්ද දක්වති. ඩොල්පින් සතෙකු සුරතල් කිරීමට කැමති අයට ඔවුන් අතපත ගා සුරතල් කිරීමටත් උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇත. මෙම ස්ථානය අද ඔස්ට්රේලියානුවනුගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇත.