From Wikipedia, the free encyclopedia
තෙරැපිවු දිය පිළිකරනයක් (PWR)[1][2] යනු සැහැල්ලු-දිය නැබියුරු පිළිකරන පන්නෙකි. ලොවැ නැබියුරු පිළියතිවලින් විසල් බහුතරයක් (එක්සත් රජදහන, ජපානය හා කැනැඩාව හා යන සැලකියැ යුතු ව්‍යතිරේකයන් සමඟ) තෙ.දි.පි. වලින් යුතුයි. තෙ.දි.පි.යකැ දී, පළමුවැරි සිසිලනකාරකය වැඩි තෙරපුවක් යටතේ පිළිකරනයේ හරය වෙත පොම්ප කෙරෙන අතර එහි දී එය පරමාණුවලැ විපැලුම මගින් නිකිති ඔදෙන් රත් වේ. රත් වූ, වැඩි තෙරපු දිය පසු වැ දියදුම් දනවනයකට ගලන අතර, එහි දී එය දියදුම දැනැවෙන දෙවැරි සැටියකැ ඇති අඩු තෙරපු දිය වෙත සිය තැප් ඔද මාරු කරයි. එ විටැ දියදුම විදිලි දනවනය කරකවන තලබමනය දුවවයි. මෙහි දී පැහෙන දිය පිළිකරනයකට (BWR) පිළිවිරැදු වැ, පළමුවැරි සිසිලනකාරක ලූපයේ තෙරපුව පිළිකරනය තුළැ ඇති දිය පැසීම වළකයි. සෑම සැහැල්ලු දිය පිළිකරනයක් මැ සිසිලනකාරකය හා නෑලිරොන් මධ්‍යස්ථකය හා ලෙස සැමැනි දිය ගනී. බොහෝ විටැ සිරස් වැ සවිකැරැ ඇති දියදුම් දනවන, දෙකේ සිටැ හතර දක්වා ඕනෑම තැනකැ යොදාගැනේ; දිය-දිය ඔදවත් පිළිකරනයකැ [3] තිරස් දියදුම් දනවන යොදාගැනේ.
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.