නාගසාකි
From Wikipedia, the free encyclopedia
නාගසාකි (長崎市, නගසකි-ශි) (උච්ඡාරණයⓘ) යනු ජපානයේ නගරයක් වන අතර, එය ක්යූශූ දූපතේ පිහිටා ඇති නාගසාකි දිස්ත්‍රික්කයේ අගනුවර මෙන්ම විශාලතම නගරයද වේ. එය 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා අතර කාලය තුල පෘතුගීසි සහ අනෙකුත් යුරෝපීය ජාතීන් රැසකගේ වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. නාගසාකි නගරයේ පිහිටා ඇති ක්‍රිස්තියානි පල්ලි සහ අනෙකුත් ක්‍රිස්තියානි ආගමට අයත් ස්ථාන රැසක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ වී ඇත. නාගසාකි නගරයේ කොටසක්, පළමු චීන-ජපාන යුද්ධය සහ රුසියානු-ජපාන යුද්ධය පැවති කාලසීමාවේදී ජපාන අධිරාජ්‍ය නාවික හමුදාවට අයත් කඳවුරක් පිහිටුවීමටද යොදාගෙන ඇත. නාගසාකි යන්නෙහි අර්ථය වන්නේ "දිගු තුඩුව" යන්නයි.
නාගසාකි 長崎市 | |
---|---|
මධ්‍ය නගරය | |
නාගසාකි නගරය | |
නාගසාකි දිස්ත්‍රික්කය තුල නාගසාකි නගරයේ පිහීටීම | |
රට | ජපානය |
ප්‍රදේශය | ක්යූශූ |
දිස්ත්‍රික්කය | නාගසාකි දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | ටෝමිහිසා ටාඋ (2007-) |
සරිය | |
• මුළු | 406.35 කිමී2 (156.89 සතරැස් සැත) |
• භූමිය | 241.20 කිමී2 (93.13 සතරැස් සැත) |
• ජලය | 165.15 කිමී2 (63.76 සතරැස් සැත) |
ජනගහණය(2009 ජනවාරි 1 දිනට) | |
• මුළු | 446,007 |
• ඝණත්වය | 1,100/කිමී2 (3,000/වර්ග සැත) |
වේලා කලාප | ජපාන සම්මත වේලාව (UTC+9) |
තැපැල් කේතය | 〒850-8685 |
- වෘක්ෂය | Triadica sebifera |
- පුෂ්පය | Hydrangea |
දුරකථන අංකය | 095-825-5151 |
ලිපිනය | 2-22 Sakura-machi, Nagasaki-shi, Nagasaki-ken 850-8685 |
වෙබ් අඩවිය | city.nagasaki.lg.jp |
නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට ඇමරිකාව විසින් නාගසාකි නගරයට "ෆැට් මෑන්" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.[1]
2009 ජනවාරි 1 දිනට නගරයේ ඇස්තමේන්තුගත ජනගහනය 446,007ක් වන අතර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 1,100ක් වේ.