![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/76/Landslide_animation_San_Matteo_County.gif/640px-Landslide_animation_San_Matteo_County.gif&w=640&q=50)
නායයෑම්
ස්වභාවික අනතුරක් / From Wikipedia, the free encyclopedia
නාය යෑම යනු විශාල ප්‍රදේශයක පොළොව සෙලවීමේ භූගෝලීය සංසිද්ධියයි. එයින් ගිලාබැසීම,ගල් වැටීම, සහ කඳු කොටස් ගැලවීයාම සිදුවිය හැක. මෙය බොහෝදුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදුවිය හැකිය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත් නායයෑම් වලට බලපාන තවත් සාධක රාශියක් ඇත. දැන් බොහෝමයක් නායයෑම් ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන්ය. නාය යෑම භූමි කොටසේ ස්ථායිතාව මත රදා පවතී ,මෙම ස්ථායි-අස්ථායිතාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපායි
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "නායයෑම්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
![](http://upload.wikimedia.org/wikipedia/commons/7/76/Landslide_animation_San_Matteo_County.gif)
මිනිසාට හානි කරන උපද්‍රව අතරින් නායයෑම් ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ අති ප්‍රබල මට්ටමේ නායයෑම් කිහිපයක් ම සිදුවිය. මහාමාර්ග, දුම්රිය, රෝහල්, පාසල් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද මිනිස් ජීවිත වලට අමතරව විනාශයට පත් විය.අද වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25න් 10 ක් ම නායයෑමේ තර්ජනයට මුහුන පා සිටියි. නායයෑම සඳහා භෞතික සාධක සේම මානව සාධක ද බලපාන අතර අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස නායයෑම් උග්‍ර වී ඇත. නාය යාමක් යනු කුමක්ද? එහි ප්‍රති විපාක මොනවාද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසා දැනුවත් කළ යුතුව ඇත. මේ සඳහා පහත ප්‍රධාන කරුනු ඔස්සේ අවධානය යොමු කරනු ලැබේ.